ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කුරුණෑගල කැන්ඩියන් රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.
ප්‍රාදේශීය අපනයන හැකියාව වර්ධනය කිරීම සහ ජාතික අපනයන උපායමාර්ගය සඳහා අවශ්‍ය සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් පැවති මෙම සමුළුවට වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ ප්‍රාදේශීය අපනයනකරුවන්ට රජයේ ආයතන සහ ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සමග සෘජු සන්නිවේදන මාර්ගයක් ඇති කිරීමයි. රේගු ක්‍රියාපටිපාටිය, නීතිමය හා පරිපාලන ගැටලු සහ වෙළෙඳපොළ ප්‍රවේශය සම්බන්ධ අභියෝග සාකච්ඡා කර ප්‍රායෝගික විසඳුම් සෙවීමට මෙම වේදිකාව මග පෙන්වීය.
අපනයනකරුවන් අතර දැනුම් හුවමාරු කිරීම හා ව්‍යාපාරික සම්බන්ධතා ශක්තිමත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම මෙන්ම ප්‍රාදේශීය අපනයන ව්‍යවසායකයන්ගේ සත්‍ය අවශ්‍යතා මත පදනම්ව ප්‍රතිපත්ති සංවර්ධනයට දායක වීම ද මෙහි ඉලක්ක අතර වේ.
මෙම සමුළුවේ විශේෂ අවස්ථාවක් වූයේ ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවයි. සහභාගී වූ අපනයනකරුවන්ට ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි අපනයන ක්‍රියාවලියට අදාළ රජයේ ආයතනවල නියෝජිතයන් සමග සෘජුවම සාකච්ඡා කිරීමට හැකි වූ අතර දිගුකාලීන ප්‍රාදේශීය අපනයන ජාලයක් ගොඩනගා ගැනීමට ශක්තිමත් පදනමක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකිය. තවද, ග්‍රාමීය නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ සම්බන්ධතා ලබාදීම, සැපයුම්දාම සංවර්ධනය කිරීම සහ වඩා සමානාත්මක අපනයන පද්ධතියක් පිහිටුවීමට අවශ්‍ය පහසුකම් සැලසීමද මේ හරහා බලාපොරොත්තු වේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අපනයනකරුවන් අමතමින් කියා සිටියේ, කලාපීය අපනයන වර්ධනයක් ඇති කිරීමේ අරමුණෙන් අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු ඉතා කඩිනමින් විසඳමින් නව අදහස් හා යෝජනා ලබා ගැනීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.
මීට අමතරව, ජාතික අපනයන ප්‍රතිපත්ති සැලසුම්කරණයට ප්‍රාදේශීය අදහස් හා යෝජනා ඇතුළත් කිරීමේ වැදගත්කම පිළිබිඹු කරමින් ඉදිරියේදී සකස් කෙරෙන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සඳහා සලකා බැලිය යුතු වටිනා යෝජනා සහ අදහස් අපනයනකරුවන් කිහිපදෙනකු විසින් ඉදිරිපත් කරන ලදී.
මෙම අවස්ථාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (කාර්මික සංවර්ධන) සුසන්ත ජයතිලක, වයඹ පළාත් ප්‍රධාන ලේකම් අයි. එම්. ඉලංගකොන් යන මහත්වරු සහභාගී වූහ.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථාන, පොල් සංවර්ධන අධිකාරිය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් වගා කිරීමේ මණ්ඩලය, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වැනි රාජ්‍ය ආයතනවල නියෝජිතයන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහ අපනයන සංවර්ධන නිලධාරීන්, සහ වයඹ හා උතුරු මැද පළාත් අපනයනකරුවන් විශාල පිරිසක් මෙයට සහභාගී වූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වයඹ - උතුරු මැද පළාත් අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කුරුණෑගලදී