IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


විදේශ සහභාගිත්වය සම්බන්ධ ගැටලු අවධානයට

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දත්ත සලකා බලන පසු ඊයේ දිනයේ පවා මිල දී ගැනීමේ උනන්දුව සියයට 63.56 ක වැනි ඉහළ ප්‍රතිශතයක පැවැතිණ. කෙසේ වෙතත් විදේශ අංශය දුබල බව පැහැදිලිය. මෙම සතියේ පළමු දින දෙක තුළ  පමණක් රු. මිලියන 377.8 ක ශුද්ධ අවාසියක් විදේශ ආයෝජන අංශවල දැකගත හැකිවිය. 
මිල දී ගැනිම් රු. මිලියන 346.9 ක් වන විට විකිණීම් රු. මිලියන 724.7 කි.  කොළඹ හා පිටපළාත්වල දේශීය හා විදේශීය ආයෝජකයන් ඉලක්ක කරගෙන ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කළ විනිමය හුවමාරුව හා කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය අගෝස්තු මාසයේ දී ආයෝජකයන් 150ක් සහභාගී වූ ප්‍රවර්ධන වැඩසටහනක් සිංගප්පූරුවේ දී පවත්වන ලදී. මේවායේ සාර්ථක භාවය සම්බන්ධ අභ්‍යන්තර සමීක්ෂණයකට යා යුතුව තිබේ. වෙළෙඳපොළ ස්ථාවර හා ගැඹුරු තැනකට කැඳවීම සඳහා විදේශ ආයෝජකයන්ගේ තිරසාර හැසිරීමේ රටාව ඉතාම වැදගත්ය.
(සැප්. 30) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,851.30 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 72.70 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,138.79 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 12.26 ක ඉහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.46 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 40,144 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 225.20 ක් විය. සමාගම් 153 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 103 කි. දිනයේ ගනුදෙනු අවසන්වන භාගයේ දී මිල දී ගැනීමේ උනන්දුව ස්ථාවර භාවයකට පැමිණි ආකාරයක් නිරීක්ෂණය කළ හැකි විය. අද දිනයේ දී ද තෝරාගත් සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත් මිල දී ගත් කොටස් විකිණීමට ආයෝජන අංශ ඉදිරිපත්වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය. ප්‍රවාහන සහ ආහාර පාන උප අංශවල කොටස් හැරුණු කොට සියලුම ක්ෂේත්‍රවලට උනන්දුව ඉහළ ගියේය. ගෘහ මෙවලම්, පාරිභෝගික ද්‍රව්‍ය, රක්ෂණ හා සිල්ලර වෙළෙඳ අංශවල පිබිදීම දිනය තුළ කැපී පෙනේ. ඇම්බියන් කැපිටල් රු. මිලියන 430 ක්, රීල් ප්‍රොපටි රු. මිලියන 322 ක්, ගලධාරි හෝටලය රු. මිලියන 312 ක්, ලංකා මිල්ක් ෆුඩ් රු. මිලියන 227 ක් අාදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 

නිරීක්ෂක



අදහස් (0)

විදේශ සහභාගිත්වය සම්බන්ධ ගැටලු අවධානයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1246 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site