නිරීක්ෂකඉසුරුමත් සමාගම්වල කොටස් කෙරෙහි අඩු අවධානයක් සහිත නමුත් සියලු කොටස් මිල වර්ධනයක් ඊයේ (ඔක්. 30) ගනුදෙනුවල දී නිරීක්ෂණය කළ හැකි විය. ඉහළම උනන්දුවක් පවතින සමාගම්වල කොටස් මිල හා ඒවායේ ලාභාංශ සලකන පසු මිල දී ගැනීමේ උනන්දුව සීමා වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි වේ. අය වැය පූර්ව ගනුදෙනු ඉදිරි මාසයේ අපේක්ෂා කළ හැකිය. 2026 වසර සඳහා සියයට 3.1 ක ආර්ථික වර්ධනයක් පවතිනු ඇති බව ප්‍රධාන ආයතන දැනටමත් ඉඟි පළ කර තිබේ.
ආර්ථික අර්බුදයකට පසු ඉක්මනින් යථා තත්වයට පත් වූ අතර එය 2025 වසරේ මුල් භාගයේ සියයට 4.8 ක ආර්ථික වර්ධනය මගින් හෙළි කරයි’. කෙසේ වෙතත් ප්‍රමාණවත්
ප්‍රතිසංස්කරණ අවශ්‍ය කෙරේ. ආර්ථිකය වර්ධනය කරන තීන්දු සඳහා පියවර ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද උපදේශය වී ඇත. කොළඹ කොටස් හුවමාරුව සඳහා අවධානයෙන් සිටින ආයොජන අංශ ඉදිරියේ දී ගන්නා තීරණ කෙරෙහි සැලකිල්ල යොමු කර ඇති බව අනාවරණය වේ.
ලංකෙම් සිලෝන් සමාගම වරණීය කොටස් නිකුතුවක් ප්‍රකාශයට පත් කර ඇත. සියපත ෆිනෑන්ස සහ සර්වෝදය ඩිවලොප්මන්ට් ද ණයකර නිකුත් කර තිබේ. කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට් ලාභාංශ කොටස් හිමියන්ට බෙදා දීමට නියමිතව තිබේ.
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,839.53 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 62.41 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,202.71 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 7.592 ක පහළවැටීමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 7.78 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 35,846 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 223.13 ක් විය. සමාගම් 162 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 92 කි.
විදේශ මිල දී ගැනීම් රු. මිලියන 212.0 කි. විකිණීම් රු. මිලියන 1,070 ක් වේ. රටින් බැහැර වූ ප්‍රමාණය රු. මිලියන 858 ක් තරම් ඉහළ අගයක් බව දැක්වේ. ඉකුත් දින දෙක තුළ පමණක් විදේශීය ආයෝජකයන් රු. බිලියන 1.2 ක් මෙරටින් ඉවත් කරගෙන ඇත.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 04
102
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2030
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදේශ විකිණීම්වලින් දින දෙකකදී බිලියනයක් රටින් බැහැරට