IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විදේශ මිල දී ගැනීම් තවත් ආණ්ඩුවේ ජනපතිගේ චීන සංචාරය එයට බලපෑවා ද?

කොටස් වෙළෙඳාම අද දිනයේ සුපුරුදු පරිදි ඇරඹෙන අතර දින හතරකට පසු අලුත් අවකාශයක් තුළට අවතීර්ණ වනබව දැක්විය හැකිය.

ඉකුත් සිකුරාදා (ජනවාරි 10) ගනුදෙනු අවසන්වන විට දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නැවතත් රතු පැහැයට හැරිණ. තියුණු පසුබෑමක් වාර්තා කළේය. සියලු කොටස් මිල දර්ශකය 15,926.00 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 114.64 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,808.29 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 52.91 ක වර්ධනයක් සේ සනිටුහන් කළේය.

කලින් දිනයට සාපේක්ෂව තව දුරටත් පිරිවැටුම අඩු වූ අතර එය රු. බිලියන 3.72 කට සීමා වී තිබුණි. මෙදින ගනුදෙනු 24,267 ක් සිදුවී තිබේ. කලින් දිනයේ ගනුදෙනුවල ට සාපේක්ෂව ගනුදෙනු ප්‍රමාණය ද පහත වැටීමක් සේ නිරීක්ෂණය කළ හැකිය. දිග නිවාඩු දින ගණන මෙයට හේතු වූ අතර මිල දී ගැනිම අවම වූ හෙයින් තරඟකාරීත්වය පහත වැටී තිබුණි. කෙසේ නමුත් දැනට පවතින විනිමය හා මූල්‍ය තත්වය සලකා බලන පසු වර්ධනයකට පසුබිම පවතින බව ද නිරීක්ෂණය කළ හැකිය. රජයේ බදු හේතු කොටගෙන පෞද්ගලික ආයෝජන දුර්වල වී ඇත. බැංකු පොලි අනුපාත හා එයට පනවන ලද රඳවා ගැනීමේ බදු අනුපාත හේතු කොටගෙන සැලකිය යුතු අලුත් ආයෝජන ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළට ආකර්ශනය වනු ඇති බවක් විශ්වාස කළ හැකිය. කෙසේ වෙතත් ඉදිරි සති කිහිපයට පසු ඉදිරිපත් කරන අය වැය ප්‍රතිපත්ති කෙරෙහි සුපරීක්ෂාකාරී වන ආයෝජන හිමියන් කණ්ඩායමක් ද සිටින බව අමතක කළ යුතු නැත. සමාගම් 69 ක කොටස් මිල පහත වැටිණි. සමාගම් 165 ක කොටස් මිල ඉහළ ගියේය. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්, ජොන් කීල්ස් එල්. ඕ. එල්. සී සහ ඉන්ඩ්‍රස්ටියල් වැඩිම වශයෙන් කොටස් හුවමාරු තිබුණි. 

ඉන්ඩ්‍රස්ට්‍රියල්, මුලර්ස්, ටීස් ඇග්‍රෝ, යූ. බී. ෆිනෑන්ස්, එස්.එම්.බී. ෆිනෑන්ස් සහ ඩිජිටල් මොබයිල් යන සමාගම්වල කොටස් මිල ප්‍රතිශතයක් වශයෙන් වැඩිම ඉහළ ගියේය. සෙන්කඩගල ෆිනෑන්ස්, ඔටෝඩ්‍රොම්, සී.ටී. ලෑන්ඞ්, ෆෙගසස් හොටෙල්, හන්ටර්ස්, ඇල්ෆා ෆයර්ස් සහ මල්වත්තවැලි වැවිලි සමාගම්වල කොටස් මිල ප්‍රතිශතයක් වශයෙන් ප්‍රධාන වශයෙන් මෙදින ගනුදෙනු අවසානයේ දී පහතට වැටී තිබුණි. 

මෙදින විදේශ ක්‍රියාකාරීත්වය ද අඩු ස්වභාවයක් ගත්තේය. ගනුදෙනු 210කට සීමා වූ අතර කලින් දිනයේ තිබුණ 435 ක විදේශ ගනුදෙනු සමග සසඳන විට තවත් දුබලතාවකි. කලින් දිනයේ විදේශ ගනුදෙනුවල පිරිවැටුම රු. මිලියන 78.9 ක්ව තිබුණ අතර එය තවදුරටත් රු. මිලියන 43. 2 ක් දක්වා සීමා විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය විදේශ ප්‍රතිපත්ති හැසිරවීමේ දී බටහිරට වෙනුවට චීන ආකෘතිය තෝරාගැනීමට ඉඩ තිබේ ද යන අවදානම මෙහි දී විදේශ ගැනුම්කරුවන් සලකාබලන ලද්දේ ද යන්න සැක කෙරේ. කෙසේ වෙතත් චීන සංචාරයෙන් පසු එළි දක්වන ද්වී පාර්ශවික සහයෝගීතාව අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළ නවතම පැතිකඩකට අවතීර්ණ වනු ඇතැයි අදහස් කෙරේ. 
නිරීක්ෂක 



අදහස් (0)

විදේශ මිල දී ගැනීම් තවත් ආණ්ඩුවේ ජනපතිගේ චීන සංචාරය එයට බලපෑවා ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site