(නිමල කොඩිතුවක්කු)
විදුලි වාහන සම්බන්ධයෙන් රජය පනවා ඇති බදු මුදල් තවදුරටත් ලිහිල් කරමින් එම වාහන ප‍්‍රවර්ධනය සඳහා කටයුතු කළ යුතු බව ශ‍්‍රී ලංකා විදුලි වාහන සමාජයේ කමිටු සාමාජික මහිසංක අබේවික‍්‍රම මහතා අද(30) කොළඹදී පැවසීය.
එමෙන්ම වසරකට අඩු කාලයක් භාවිතා කරන ලද විදුලි වාහන සඳහා දැනට ලබා දෙන බදු සහනය වසර දෙක දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.
ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී ශ‍්‍රි ලංකා විදුලි වාහන සමාජය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
කිලෝවොට් 50 සිට කිලෝවොට් 150 දක්වා වාහන සදහා දැනට පනවා ඇති බදු මුදල් ලිහිල් කර එම සහනය ජනතාවට ලබා දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
2040 වනවිට සියලූ වාහන ඉන්ධන භාවිතයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණද මෙම තත්වය යටතේ එම ඉලක්ක ජයලත නොහැකි බවද අබේවික‍්‍රම මහතා පෙන්වා දුන්නේය.
COMMENTS
විදුලි වාහන බද්ද තවත් අඩු කරන්න. වොල්ට් 150 වාහන සුලභ කරන්න චාර්ජින් පොයින්ට් 5000ක් වහාම ඇති කරන්න. ඒ සදහා සිපෙට්කෝ ඉන්ධන හල් යොදා ගන්න
පසුගිය අයවැයෙන් මේ විදුලි වාහන සඳහා බදු මුදල වැඩි කළා. එතනදී, බ්‍රෑන්ඩ් නිව්ද? රීකන්ඩිෂන්ද? කියලා වර්ගකිරීමක් නැතිව එක රැයින් වැඩි කළා. එ්ත්, මෙවර බ්‍රෑන්ඩ් නිව් කතාවක් ඉස්සරහට දමලා විදුලි වාහන මිලෙහි අඩුවක් නැහැ. ඉතින් මේ තක්කඩින් ගැන මොනවද කියන්න තියෙන්නේ?
ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කරන රටකට මොන විදුලි කාර්ද ...?
2040 දී ලංකාවේ සියලුම වාහන විදුලියෙන් දුවන්න !!! එතකොට එම වාහන වලට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කරන්නේ ගල් අඟුරු පුච්චලද? ලංකාවේ ඉන්ධන අරපිරිමැස්ම ඇති හයිබ්රිඩ් වාහනවලටත් අහස උසට බදු ගහනවා. ඔය ඉලක්ක කොහේ ඉෂ්ට කරන්න්නද? ලංකාවේ සියලුම දේශපාලකයින් කියන්නේ එක දෙයක්... කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්, ඔවුන්ගේ එකම ඉලක්කය තමයි.., රටට හෙන ගැහුවත් තම මඩිය පුරවා ගැනීම..
ඔය විදුලි වාහන වලට අවශ්‍ය විදුලිය උත්පාදනය කරන්න ඉතින් ඩීසල් අවශ්‍යයයි!!!
මස් රාත්තලම එකපාරට ඉල්ලන්න එපා. ආණ්ඩුවෙන් ටැක්ස් සම්පුර්ණයෙන්ම අයින්කලත් ඔහෙලා කියයි අඩුමගානේ කාර් එක මිලදීගන්න යන මුදලින් සීයට 25ක් වත් ආණ්ඩුවෙන් දෙන්නේ නැත්තේ ඇයි කියල.
බදු අඩු කර එම වාහනය මසකට වැය කරන විදුලි ඒකක ගණනට සරිලන සූර්ය විදුලි පද්ධතියකින් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන්න.
බදු අඩු කරලා නොවෙයි නිකම්ම දුන්නත් මොකටද ඒවාට බැටරි ගෙන්වන්න අවසර දෙන්නේ නැත්නම්!
විදුලි වාහන ආරෝපණය කරන්නේ වෙනත් ඉන්ධනයක් භාවිත කරලා. මේකෙන් කොච්චර බලපෑමක් තියෙනවද විදුලි බල මණ්ඩයට. දැනටත් පාඩුයි විදුලි එ්කකයකින් ? අනික ආරෝපණ මද්‍යස්ථාන අවශ්‍ය වෙනවා, සුර්ය බලය වගේ ස්වභාවික විදුලිය නිෂ්පාදනය කරනවානම් මෙය වත්පරිසර හිහාකාමී වෙවී. කෙසේ හෝ යම් දිනක අපට විකල්ප බල ශක්තියකට යොමු වීමට සිදු වනු ඇත...........
තම නිවසේ සූර්ය බලය නිශෟපාදනය කරන අයට පමණක් බදු සහනය දෙන්න එතකොටයි නියම පරිසර හිතකාමි වෙන්නේ අපේරටේ තාම විැඩිපුර විදුලිය නිශ්පාදනය කරන්නේ පොසිල ඉන්නධන වලින් එතකොට බදු සහනයෙන් සූර්ය බල විදුලි නිෂ්පාදනය ඉහළ යාවි.
දේශපාලන මඩ වලින් ඔලුව පුරවාගත්ත ගොබ්බ අදහස් නැතිව, රජයෙන් දෙන සහනයවත් ජනතාවට නොදෙන මේ සේල් කාරයින් ගැන නොලියන අයගේ පුහු අදහස් දැකලා හිනාත් යනවා. මොන්ටිසෝරි මොලගෙඩි වල තරම පේනවා දැනට ලියලා තියන අදහස් වලින්ම. මොන විදුලි කාර්ද? ගොන් කරත්ත වලට යන්න කාලය හරි.
කරුණාකර ඉන්ධන දහනය අඩු හයිබ්‍රිඩ් වාහන වලට ගහන බදු අඩුකරන්න. එතකොට ජනතාව ඉන්ධන දහනය වැඩි පරණ වාහන භාවිතය අඩු කරාවි.. එතකොට පරිසර දූෂණය සහ ඉන්ධන පරිභෝජනය අඩු වේවි!!! ඊට පස්සේ පුළුවන් සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන වාහන ගැන කතා කරන්න. කරුණාකර අැමැතිලාට සහ නියෝජ්‍ය ඇමැතිලාට තම තීරුබදු රහිත වාහනයට අමතරව ලබාදෙන, ටොයෝටා සහරා වර්ගයේ සිලින්ඩර් 8 ඇති, එන්ජින් ධාරිතාව 4000 සීසී වලට වැඩි විශාල ලෙස ඉන්ධන භාවිතා කරන ජීප් රථ ලබාදීම වහාම නතරකරන්න. ලංකාව වැනි රටකට මෙපමණ විශාල එන්ජින් ධාරිතාවයක් ඇති වාහන අනවශ්‍යය.
විදුලි වාහන භාවිතා කරන්නන් සඳහා ගෘහ සූර්ය බලශක්ති පද්ධතියක් අනිවාර්ය කරන්න.