IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


‘‘වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කළ යුතුයි‘‘

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කර ඉහළ නිපුණතාවලින් සමන්විත ශ්‍රමිකයන් දේශීය සහ අන්තර්ජාතික රැකියා වෙළෙඳපොළට හඳුන්වාදීමේ වගකීම ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් සමඟ කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම උපදෙස් දුන්නේය.

දෙස් විදෙස් රැකියා වෙළෙඳපොළ අධ්‍යයනය කරමින් එම අවශ්‍යතා සපුරාලිය හැකි පාඨමාලා හඳුන්වාදීම කඩිනම් කළ යුතු බවත් දිළිඳු ප්‍රජාව නඟා සිටුවීම සඳහා ස්වයං රැකියා ආශ්‍රිත පුහුණු අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයට අයත් ආයතනවල විෂය පථය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි විමසා බැලීය.

නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ වෘත්තීය පුහුණු ආයතන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බව පැවැසූ ජනාධිපතිවරයා ඒ සියලු ආයතන ඒකරාශී කරමින් විධිමත් සහ සැලැසුම් සහගත වැඩපිළිවෙළක් සම්පාදනය කළ යුතු බව ද කීවේය.

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය පිළිබඳ තරුණ පරපුර තුළ ආකල්පය වෙනසක් ඇති කිරීම වැදගත් බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාඨමාලා හඳුන්වාදීමේදී මෙන්ම පාඨමාලා නම් කිරීමේදී වෘත්තීය ගරුත්වයක් සහ ආකර්ශනයක් ඇතිවන අන්දමින් සැලැසුම් කිරීම ඉතා වැදගත් බව ද කීය.

රටේ වැදගත්ම ක්ෂේත්‍රය කෘෂිකර්මාන්තය වුවත් ඊට අදාළ උපාධි පාඨමාලා නැති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා වෛද්‍ය, ඉංජිනේරු ක්ෂේත්‍ර මෙන්ම කෘෂිකර්මාන්තය තුළින් ද ප්‍රවීණයන් සහ පර්යේෂකයන් රටට දැඩිව අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය. එම නිසා නව පාඨමාලා හඳුන්වාදීමේදී එකී අඩුපාඩුව මඟ හරවා ගත යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.

ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට නිසි පුහුණුවක් ලබා දී වෘත්තීය ගරුත්වයක් ඇති ශ්‍රමිකයන් ලෙස රැකියා අවස්ථා උදා කළ යුතු බව ද ජනාධිපතිවරයා කීවේය.

ලොව ඉහළම ඉල්ලුමක් ඇති පුහුණු හෙදියන් එම රැකියා අවස්ථාවලට යොමු කිරීම සහ ඊට අදාළ පුහුණුවීම් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් කඩිනමින් රැකියා අවස්ථාව සඳහා යොමු කිරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ අවධානය යොමු කරන්නැයි ද ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය. 

055

 

 



අදහස් (7)

‘‘වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කළ යුතුයි‘‘

sampath Saturday, 28 December 2019 09:00 AM

වෘත්තීය පුහුණුව අරක් ගත් බහිරවයින් කීපදෙනෙක් ඉන්නවා. අන්න ඒ අය ඉවත් කළොත් නම් මේක කරන්න පුළුවන් වෙයි නැත්නම් මේ කපේට ඒවා බොරු.. අනෙක පාඨමාලාවකට බඳවාගන්න පුළුවන් සීමිත සිසුන් ගණනක් උපදේශකවරු උගන්වනවා. අනිත් මිනිස්සු නිකම් ඉන්නවා පුටු රත් කරකර ලංගම වගේ වැඩක් මේ ක්ෂේත්‍රයේත් තියෙන්නේ..

:       0       8

athula Saturday, 28 December 2019 02:48 PM

මෙම යෝජනාව මා පෙන්වාදුන්නේ දැනට වසර 28කට කලින් අපේ දුප්පත් අම්මලා අක්කලා මැදපෙරදිග වහල් සේවයේ යෙදන කොට අනෙක් රටවල් ඔවුන්ගේ පුහුණු ශ්‍රමිකයින් රැකියා වෙළඳ පොලට එවමින් මහා ධනස්කන්ධයක් තම රටට ගෙනදෙනවා... දැන්දැන් මැදපෙරදිග රැකියා අවස්ථා අහිමි වීගෙන එන්නේ අපේ රටේ පාලකයන් 71 වසරක් සුරංගනා කතා කියා කියා හිටියා මිසක් කරපු දෙයක් නැහැ.

:       0       14

Aris Saturday, 28 December 2019 06:08 PM

එහෙම නම් අර හිස්බුල්ලා හදපු ආයතනය අරින්න ඉඩ දෙමු නේද..?

:       0       0

rana Sunday, 29 December 2019 04:21 AM

මේ අදහස පුහුණු කර රට යවන්න නම් අපි අායෙත් පරාදයි නේද? ඔබතුමාට අපේ සමාජය ගැන නිසි වැටහීමක් නොමැති බවයි පේන්නේ...

:       0       1

jayantha Sunday, 29 December 2019 06:57 AM

පිලිපීනය දියුණු වෙලා තියන එක අංශයක් හෙදියන් පුහුණුව අපිත් කරන්න උත්සාහ කළා. නමුත් ඔය දොස්තරලා දෙන්නේ නැහැ. පරක්කු වෙලා හරි හොඳ හෙද පුහුණු පාසල් කීපයක් ඇති කළොත් ලොව පුරා ඕනෑතරම් අවස්ථා තාමත් පරක්කු නැහැ කරනවා නම්...

:       0       0

anton Monday, 30 December 2019 03:57 AM

ඔබතුමාට තමයි පුළුවන් මේවට අකුල් හෙලන අබහිරවයින් ටික නැති කරලා ඒ ටික කරන්න.

:       0       0

කෝසල Tuesday, 31 December 2019 06:02 AM

මෙතනත් නිකං බොරුවට ඔළුව හොලවලා ඉදලා ආපහු පහුවදා ඉදන් කලින් විදියටම කරයි. රාජ්‍ය සේවකයන් ගන්නෙම ස්ථිර සේවයට නිසා, එකිනෙකාගේ කාර්‍ය්ක්ෂමතාව මැනෙන්නේ නෑ. ප්‍රථිපලය තමා ඕනැම මනුස්සයෙක් නිකංම කම්මැලි වෙන එක. පුද්ගලික අංශයේ වගේ ඉලක්කයන් ලබාදී ඒ මත අනෙකුත් දීමනා, පහසුකම් දුන්නා නම් ඉවරයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

නව රැකියා - පෞද්ගලික අංශයේ වර්ධනයට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක සහාය
2025 මැයි මස 09 59 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පළමු කාර්තුවේ අයවැය හිඟය රුපියල් බිලියන 489 ක්
2025 මැයි මස 09 47 0

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත


සමෘද්ධි ප්‍රජාමූල බැංකු රජයේ විගණනයට
2025 මැයි මස 09 22 0

සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය
2025 මැයි මස 09 54 0

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


විනිමය පත්‍ර ආඥාපනතට සංශෝධන
2025 මැයි මස 09 15 0

විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවකට ලෝක බැංකු- ADB සහාය
2025 මැයි මස 09 16 0

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 680 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1390 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site