IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල BMICH හිදී පැවැත්වුණු අතරසමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉඳුවර වික්‍රමසිංහ සහ රුචිර ලක්මාල්වෙත සම්මානය පිරිනමන ලදී.

2012දී ආරම්භ වූ එම සමාගමකළමනාකරණය කරන ලදතාක්ෂණ සේවා හා උපදේශන,Cloud Computing, සයිබර් ආරක්ෂණය, නව්‍යකරණය, තාක්ෂණ සහාය හා උපදේශනය,Custom Development, ජංගම දුරකථන යෙදවුම් සංවර්ධනය, වෙබ් අඩවි නිර්මාණය, විද්‍යුත් වෙළෙඳපොළ විසඳුම්හා ඩිජිටල් අලෙවිකරණය වැනි විශාල පරාසයක විහිදී ඇතිඩිජිටල් ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයමින් විශාල පාරිභෝගික පිරිසකගේ විශ්වාසය දිනා ඇත.

සෑම පාරිභෝගිකයකුම උපරිම ලෙස තෘප්තිමත් වන ආකාරයට සේවා සැපයීමට I O N සමාගම කැප වී සිටී. විශ්වාසනීය බව සහ කැපවීම වැනි ගුණාංගවලින් හෙබි එම සමාගමේ කාර්ය මණ්ඩලය සිය රාජකාරි වගකීමෙන් ඔබ්බට යමින් ව්‍යාපාර සඳහා සැබෑ වටිනාකමක් එක් කරන නව්‍යකරණ සහ තාක්ෂණ විසඳුම් සපයයි.නව්‍යකරණය, පිළිගැනීම, විශිෂ්ටත්වය සහ කැපවීම යන මූලික වටිනාකම්වලට මුල් තැන දෙන එම සමාගම බඳවා ගැනීමේ පටන් සේවා සැපයීම දක්වා වන සෑම ක්ෂේත්‍රයක්ම එම වටිනාකම්වලට අනුගත වන ලෙස හැඩගස්වා ඇත.

ජාත්‍යන්තර වශයෙන්ද සේවා සපයමින්ඉහළ පාරිභෝගික තෘප්ති අගයක් හිමි කර ගෙන ඇති එම සමාගමෙන් සේවා ගැනීම තුළින් ලැබෙන වාසි අතරනව්‍යකරණ සහ තාක්ෂණ වියදම් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කර ගත හැකි වීම, විශ්වාසනීය නව්‍යකරණ සහ තාක්ෂණ උපදෙස් ලැබීම, වැඩිදියුණු කළ මෙහෙයුම් කාර්යක්ෂම හා ප්‍රමිතිගත ආරම්භක ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකි වීම ආදිය වේ.

-595



අදහස් (0)

වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 64 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 900 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2526 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site