IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට

ඩොලර් බිලියන 2.25 ක භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කරලා

දෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඉන්දියාවට


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 9දී වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකාවට මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.25 ක භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පසුගියදා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී ඇමෙරිකාවේ අපනයනය කර තිබූ වෙළෙඳ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.18 ක් බවත්, ඒ අනුව මෙම වසරේදී ඇමෙරිකාවට අපනයනය කළ භාණ්ඩ ප්‍රමාණය සියයට 3.04 කින් වර්ධනය වී තිබෙන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය.

එසේම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 238.72 ක භාණ්ඩ ප්‍රමාණයක් ඇමෙරිකාව අපනයනය කර ඇති බවත්, එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 2.84 ක පහළ යාමක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 245.69 ක භාණ්ඩ ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කර තිබූ බවද එම මණ්ඩලය පැවැසුවේය.

දෙවැනි ස්ථානයට මෙම වසරේ පළමු මාස 9 දී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳභාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඉන්දියාවට වන අතර, ඉන්දියාවට මෙම වසරේ පළමු මස නවයේදී අපනයනය කළ වෙළෙඳ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 792.41 කි. එය පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 23.09 ක වර්ධනයකි.

ස්ථානයට මෙම වසරේ පළමු මාස 9 දී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ එක්සත් රාජධානියට වන අතර, එක්සත් රාජධානියට අපනයනය කර ඇති වෙළෙඳ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 721.73 කි. එය පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 4.40 ක වර්ධනයකි. කෙසේ නමුත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් රාජධානියට කළ වෙළෙඳ භාණ්ඩ අපනයන සියයට 4.75 කින් පහළ ගොස් ඇත.

මෙම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානය ජර්මනියටත්, පස්වැනි ස්ථානය ඉතාලියටත් හිමිව තිබේ. ජර්මනියට කළ වෙළෙඳ භාණ්ඩ අපනයන පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස නවයේදී සියයට 12.28 කින් වර්ධනය වී ඇති අතර, ඉතාලියට කළ වෙළෙඳ භාණ්ඩ අපනයන සියයට 14.68 කින් වර්ධනය වී ඇත.



අදහස් (0)

වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 358 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1636 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site