( තිළිණි ද සිල්වා )
කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍ර යේ නියුත වූවන් සදහා ලබා දි තිබු ණය හා ලීසිං සහන පැකේජය තවත් මාස 06 කින් දීර්ඝ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඔවුන් සදහා වන ලීසිං පහසුකම් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර ණය සහන ලබාදීමේ චක්‍ර ලේඛය ඉදිරි සති කීපය තුළ නිකුත් කිරිමට මහ බැංකුව එකගත්වය පළ කළ බව අමාත්‍යවරයා පැවසීය.
සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන් මුහුණ දෙන මූල්‍යමය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකදී මහ බැංකුව මේ සදහා එකගත්වය පළ කර ඇත.
මෙහිදී සංචාරක අමාත්‍යවරයා කියා සිටය් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් පාස්කු ප්‍රහාරය මෙන්ම කොවිඩ් වසංගතයෙන් ද බැට කෑ බවය.එවැනි ගැටළුකාරී තත්ත්වයක දී ඔවුන් මුහුණදෙන ප්‍රශ්න සදහා පැලැස්තර යොදනවාට වඩා ඕනෑම ආපදා අවස්ථාවක එම කර්මාන්තයේ නියුතු වූවන් රැක ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු යැයිද අමාත්‍යවරයා කීවේය.
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වුවන් මෙහි දි කියා සිටියේ මෙම ක්ෂේත්‍රයේ යදී සිටින පිරිස් මේවන විට රුපියල් බිලියන 350 ක ණය සහ රුපියල් බිලියන 105 ක පොළී ගෙවිය යුතු ව ඇති බවයි. එම ණය හා පොළී ගෙවා ගත නොහැකිව සංචාරක හෝටල් හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව ද මෙහි දී අනාවරණය කෙරිණි.
මෙම ණය හා පොළී මුදල් ගෙවීම සදහා කිසියම් සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකු අධිපතිවරයා ඇතුළු නියෝජිතයින් එකගත්වය පළ කළ අතර දැනට ලබා දී ඇති ණය සහනය මාස 06 ක කාලයක් දක්වා දීර්ඝ කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බව සදහන් කළේය.
රජය මගින් ලබා දෙන ලීසිං සහන ඇතැම් මූල්‍ය සමාගම් ලබානොදෙන බවට පැමිණිලි ලැබි ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේය. එවැනි පැමිණිලි ඇත්නම් මහ බැංකුවට ඒවා යොමු කරන ලෙසත්, ඒ පිළිබද ව සොයා බැලීමට මහ බැංකුව කටයුතු කරන බවත් මහ බැංකු අධිපතිවරයා සදහන් කළේය.
මෙම සාකච්ඡාවට මහ බැංකුවේ හා සංචාරක අමාත්‍යාංහයේ ඉහළ නිළධාරින් මෙන්ම සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු සංචාරක සංවිධාන නියෝජිතයන් ද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලිසිං සහන පැකේජය තව මාස 6 දීර්ඝ කරයි