
විමුක්ති එස් රුද්‍රිගු
ලොව විශිෂ්ටතම විද්‍යාඥයන් සියයට දෙකේ ප්‍රතිශතය අතරට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (ස්ලිට්) ආචාර්යවරුන් 5 දෙනකු සහ ආචාර්යවරියක් තේරී තිබෙන බව එම ආයතනය ඊයේ (22) ප්‍රකාශ කළේය.
ස්ටැන්ෆර්ඩ්-එල්සිවියර් 2025 ලොව විශිෂ්ටතම විද්‍යාඥයන් සියයට දෙක ශේණිගත කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) නියෝජනය කරමින් මානව ශාස්ත්‍ර හා විද්‍යා පිඨයේ මහාචාර්ය චරිත ජයරුක්, පරිගණක පිඨයේ ආචාර්ය භාග්‍යා නතාලි සිල්වා, මානව ශාස්ත්‍ර හා විද්‍යා පිඨයේ මහාචාර්ය ධනුෂ්ක උදයංග, ඉංජිනේරු පිඨයේ මහාචාර්ය දුෂ්‍යන්ත ජයකොඩි, ඉංජිනේරු පිඨයේ මහාචාර්ය ප්‍රියාන් ඩයස් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළත්ව සිටින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පැවැසුවේය.
මෙමගින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) සිය ගෝලීය පර්‌යේෂණවල ගුණාත්මක බව නැවත නැවතත් තහුවරු කර තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවත් එම චිශ්වවිද්‍යාලය ප්‍රකාශ කළේය.
ලෝකයේ කීර්තියට පත්වූ ආචාර්යවරයෙක්ගෙන් ඉගෙනීමට ලැබීමෙන් ළමයින් දිරිමත් වන බවත්, කෙදිනක හෝ තමන්ටද මේ තත්වයට පත්විය හැකි බව ඔවුන් විශ්වාස කරන බවත්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පැවැසුවේය. මෙරට වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවන අතරතුර පසුගිය වසරේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රුපියල් බිලියන 1.5 ක බදු ආදායමක් ලබාදී තිබෙන බවද එම විශ්වවිද්‍යාලය ප්‍රකාශ කළේය.
එසේම පසුගිය වසරේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය රුපියල් බිලියන 1.2 ක ශිෂ්‍යාධාර මෙරට සිසුන්ට පිරිනමා තිබෙන බවත් ඒ අතර මූල්‍ය අපහසුත තිබෙන සිසුන්ද සිටින බවත් එම විශ්ව විද්‍යාලය පැවැසුවේය.
2025 නොවැම්බර් මස 04
358
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2157
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1636
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව විශිෂ්ටතම විද්‍යාඥයන් අතරට ස්ලිට්හි ආචාර්යවරු හය දෙනෙක්
ගුණරත්න Friday, 24 October 2025 12:01 PM
ස්ලිට් එක ආපහු පවරා ගන්නවා කියල ආණ්ඩුව මහා ගෝසාවක් කළා නේ? එකට මොකද වුනේ?