
ලෝටස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ලෝටස් සීඩ්ස් ෆාම් සහ ලෝටස් එන්ටර්ප්‍රයිසස් සමාගම් වයඹ පළාත් කාර්මික සේවා කාර්යාංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති සම්මාන උළෙලේදී ලෝටස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඩී.ඒ.එම්. ජනිත් අබේකෝන් මහතා වෙත සම්මාන පිරිනමන ලදී.
කෘෂිකාර්මික අංශයේ (ක්ෂුද්‍ර පරිමාණ) විශිෂ්ටම ව්‍යවසාය ලෙස ලෝටස් සීඩ්ස් ෆාම් සමාගම සම්මානයට පාත්‍ර විය. එම සමාගම කෘෂිකර්මාන්තයේ ජීවනාලිය බඳු දේශීය ගොවීන්ට උසස් තත්වයේ සහ ඉහළ අස්වැන්නක් සහතික කරන බීජ සපයන ප්‍රමුඛයා වේ. දෙමුහුම් බීජ නිෂ්පාදන තාක්ෂණය භාවිතයෙන් ඔවුන් නිපදවන බීජ පරිසර තත්වවලට ඔරොත්තු දීමේ හැකියාවෙන් අනූනය. නව්‍යකරණයට ප්‍රමුඛ අවධානයක් යොමු කරන එම සමාගම දීර්ඝ කාලයක් පුරා ගොවි ජනතාවට සවියක් වෙමින් ජාතික ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික වර්ධනය තහවුරු කිරීමට දායක වී ඇත.
ලෝටස් එන්ටර්ප්‍රයිසස් සමාගම කෘෂිල පශු සම්පත් සහ ධීවර අංශයේ (කුඩා පරිමාණ) කුසලතා සම්මානය දිනා ගත් අතර, ගොවි ජනතාවට අවශ්‍ය පොහොර වගා බෑග්, ප්ලාස්ටික් බහාලුම්, උසස් යන්ත්‍රෝපකරණ වැනි කෘෂිකාර්මික යෙදවුම් සපයමින් ඉටු කරන මෙහෙය අගයමින් එම සම්මානය පිරිනැමිණි. සිය නිෂ්පාදනවලට ජාත්‍යන්තර තාක්ෂණය මුසු කරන එම සමාගම අධි කාර්යක්ෂම සහ තිරසාර කෘෂිකාර්මික විසඳුම් සඳහා මෙරට ගොවි ජනතාවට ඇති ප්‍රවේශය සහතික කරයි. ඵලදායිතාව, පසේ සරු බව සහ ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට සවිබල සැපැයීම සමාගම සිය ප්‍රධාන අරමුණු කර ගෙන ඇත. 2019දී ඇරැඹුණු ලෝටස් සමූහ ව්‍යාපාරය පසුගිය කාලයේදී ක්ෂේත්‍ර රැසකට අයත් නිෂ්පාදන සහ සේවා සපයන සමාගමක් ලෙස විවිධාංගීකරණය වී ඇත. ලෝටස් පොහොර, ලෝටස් ක්‍රොප් කෙයාර්, ලෝටස් සීඩ්ස්, ලෝටස් ප්‍රින්ට් හවුස්, ලෝටස් මැෂිනරි, ලොටෙක්ස් පැකේජින් ඊට අයත් සමාගම් වේ. පසුගිය කාලයේදී එම සමාගම් දෙස් විදෙස් සම්මාන රැසක් ජයග්‍රහණය කර ඇත.
2025 නොවැම්බර් මස 04
196
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝටස් සීඩ්ස් ෆාම් - ලෝටස් එන්ටර්ප්‍රයිසස් වයඹ විජයාභිමානී ව්‍යවසාය විශිෂ්ටතා සම්මාන ද්විත්වයක් දිනයි