IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ස්ථාවර මට්ටමක

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් නැවත වරක් ස්ථාවර මට්ටමකට පත්වීමේ ලකුණු පෙන්නුම් කර ඇත. 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර ඇති වී තිබෙන වෙළෙඳ අර්බුදය විසඳෙනු ඇතැයි බලාපොරොත්තුවක් සමඟ මූල්‍ය වෙළෙඳපොළවල වර්ධනයක් දක්නට ලැබිණි. ඉන්ධන මිල ගණන් ස්ථාවර වීමට එය ප්‍රධාන වශයෙන් හේතුවිය. 

එමෙන්ම තෙල් අපනයන කරන රටවල් (ඔපෙක් රටවල්) තම නිෂ්පාදන කපා හැරීමෙන් සැපයුම් ශක්තිමත් විය. 

කෙසේ නමුත් මේ වසරේදී ආර්ථික මන්දගාමී වනු ඇතැයි මතයක් ඇති වී තිබෙන අතර ඒ නිසා වෙළෙඳපොළ එක් තැනක රැඳී පැවැතුණි. 

ජාත්‍යන්තර බ්‍රෙන්ට් බොරතෙල් මිල අනාවැකිවලට අනුව තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 61.61ක් වූ අතර එය අවසන් වරට පැවැති මිලට වඩා සියයට 0.1ක අඩු වීමකි. 

එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිල අනාවැකිවලට අනුව තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 52.63ක් වූ අතර එය අවසන් වරට පැවැති මිලට වඩා සත 4ක වැඩි වීමකි. 

රොයිටර් අසුරිනි

055



අදහස් (0)

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ස්ථාවර මට්ටමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site