IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලක් රජය ජපානය සමඟ සබඳතා තර කර ගැනීමට සැරැසේ


(අංජුල මහික වීරරත්න ) 


ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආසියානු පැසිෆික් කලාපයේ දැනට ශක්තිමත්ම මුදල් ඒකකය පවත්වගෙන යන ජපානය සමඟ ආර්ථික සබඳතා  වැඩි වශයෙන් ඇති කර ගැනීමට රජය තීරණය කර තිබේ.

රජය මේ තීරණයට  එළැඹ ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරයට පිටත්ව යාමට පෙර ගෝලීය ආර්ථාක අර්බුදය හමුවේගත යුතු  පියවර ගැන අගමැතිවරයා ඇමැතිවරුන්ට හා ආර්ථික විශේෂඥයින්ට දීර්ඝ ලෙස පිළිතුරු දෙනු ලැබීය.


ඇමෙරිකානු  එක්සත් ජනපදය චීනයට අධික තීරුබදු පැනවීම නිසා මහාපරිමාණ ණය ප්‍රදාන වලට චීනය නොපෙලඹෙනු ඇතැයි  ආර්ථික විශේෂඥයින්ගේ  මතය වී තිබේ.

කලාපයේ සෙසු රටවල් අතරින් ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව,  යන රටවල මුදල්  ඒකකය ඩොලරය ශක්තිමත් වීමත් සමඟ දරුණු ලෙස අවප්‍රමාණ වෙමින් පවති.

ශ්‍රී ලංකාව ඇතුළත් කලාපයේ රටවල් සමඟ සැසදීමේදී ආර්ථිකය යම් මට්ටමින් හෝ පවත්වාගෙන යාමට හැකිව ඇත්තේ ජපානයට පමණක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

ඉහල සියළු තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් ජපානය සමඟ වැඩි වැඩියෙන් ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට විධිවිධාන දෙන ලෙස රජයේ ඇමැතිවරුන්ට හා ආර්ථික විශේෂඥයින්ට අගමැතිවරයා උපදෙස් ලබා දී තිබේ.



අදහස් (0)

ලක් රජය ජපානය සමඟ සබඳතා තර කර ගැනීමට සැරැසේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site