IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලන සම්මාන උළෙලේ දී සියැට් කැලණි ද්විත්ව ජයග්‍රහණ ලබයි

කොළඹ දී පසුගිය දා පැවති 2025 ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ ශ්‍රී ලංකාව සඳහා වූ සම්මාන ප්‍රදානෝත්සවයේ දී 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ සේවායෝජක සන්නාමය’ ලෙස සියැට් කැලණි හෝල්ඩිංග්ස් සම්මානයට පාත්‍ර වූ අතර එහි උප සභාපති මානව සම්පත් තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ මහතා ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මානව සම්පත් නායකයකත්වයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය.

සන්නාම උපාය මාර්ගය, සේවක වටිනාකම්, බඳවා ගැනීම් හා රඳවා ගැනීම් ක්‍රියාපටිපාටි, විවිධත්වය හා අන්තර්ගත කිරීම, සේවායෝජක කීර්තිය, නව්‍යෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ ප්‍රතිඵල යනාදිය ශ්‍රී ලංකාව සඳහා වූ සම්මානවල ඇගයීම් ක්‍රියාවලිය පදනම් වූ නිර්ණායක විය.

සැබෑ ලෙසම සතුටින් සිටින ශ්‍රම බලකායක් පෝෂණය කිරීම මෙන්ම පොදු වටිනාකම් මත ගොඩනැගුණ සංස්කෘතියක් පවත්වා ගැනීම වෙනුවෙන් තම ව්‍යාපාර හා මානව සම්පත් උපාය මාර්ග පෙළගැස්වීම උදෙසා වන සමාගමේ කැපවීම, මෙම නව සම්මානවලින් මනාව තහවුරු කරයි. දශක දෙකක සේවා කාලයක් කැප කළ සේවකයන් 150කටත් අධික සංඛ්‍යාවක් ඇතුළුව 1,000 කට අධික සේවක සංඛ්‍යාවක් සිටින සියැට් කැලණි සමාගම මගින් දැනටමත් සමාගමේ සේවක සහභාගීත්වය, රඳවා ගැනීම හා සමස්ත සේවා ස්ථානවල යහපැවැත්ම සම්බන්ධයෙන් නිරතුරුවම ඉහළ කාර්ය සාධනයක් අත්කර ගෙන ඇත.

විනිවිද පෙනෙන කාර්යසාධන කළමනාකරණ පද්ධති, කුසලතා සංවර්ධනය සඳහා වන මුලපිරීම්, අනුප්‍රාප්ති සැලසුම්කරණය, වෘත්තීය කළමනාකරණ වැඩසටහන් සහ එහි වෘත්තීය සමිතිය සමග ඇති යහපත් සම්බන්ධතාව, සියැට් හි සේවක වටිනාකම් සඳහා අත්‍යවශ්‍ය බව සමාගම පවසයි.

 



අදහස් (0)

ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලන සම්මාන උළෙලේ දී සියැට් කැලණි ද්විත්ව ජයග්‍රහණ ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 296 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 691 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 316 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site