ලංකා බැංකුව රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුග, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ණයකර කොටස් ලෙස මෙම නිකුතුව කරන බව ලංකා බැංකුව සඳහන් කරයි. මෙම ණයකර නිකුතුව වසර පහකින් කල් පිරෙන ලෙස නිකුත් කිරීම සැලසුම වී තිබේ.
මෙහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 100ක් (100,000,000ක්) නිකුත් කරන බව ලංකා බැංකුව පවසයි. එහිදී එක් කොටසක් රුපියල් 100ක් බැගින් මිල කෙරී ඇති අතර, නිකුතුව හරහා රැස් කෙරෙන මුදලේ වටිනාකම රුපියල් බිලියන 15කි. එසේම ඊට හිමිවන අධිදායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් (50,000,000ක්) නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහි වටිනාකම රුපියල් බිලියන 5කි. ඒ අනුව සමස්ත නිකුතුව හරහා රැස් කෙරෙන මුදලේ වටිනාකම රුපියල් බිලියන 15 කි.
මේ අතර ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ඊයේ දිනයේදී ලංකා බැංකුවේ මෙම ණයකර නිකුතුව සඳහා A(EXP)(lka) ජාතික දිගුකාලීන වර්ගීකරණයක් ලබාදී තිබේ. අදාළ ණයකර නිකුතුව බැංකු තත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට යොදා ගත හැකි බව එම ආයතනයේ අදහස වී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 15ක් වටිනා ණයකර නිකුතුවක්