IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ලංකා පොහොර සමාගමට - මිල්කෝ සමාගමට නව සභාපතිවරු පත් කෙරේ

සීමාසහිත ලංකා පොහොර සමාගමට හා මිල්කෝ ආයතනයට නව සභාපතිවරුන් පත් කර තිබේ.
 
සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස සෝමචන්ද්‍ර ජයකොඩි මහතා පත්කර තිබේ.
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන ජයකොඩි මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් ද වේ.ශ්‍රී ලංකා රේගුවේ වසර 39 ක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් ද සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කර ඇත. 
 
 ලංකා පොහොර සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජෙරම් සමරතුංග මහතා පත් කර ඇත
 
ජෙරම් සමරතුංග මහතා සමෘද්ධි මූල්‍ය බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයෙහි සහ සමූපකාර අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් මීට පෙර කටයුතු කර ඇත. ප්‍රමුඛ පුද්ගලික ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලයේ ද ජෙරම් මහතා කටයුතු කරනු ලබයි
 

සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස මීට පෙර මිල්කෝ සමාගමේ 2015 -2018 දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කළ කීර්ති මිහිරිපැන්න මහතා පත් කර ඇත. ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකි.
 
මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස එම්.එච්.එම්. පසාල් මහතා පත් කර  ඇති අතර ඔහු මිල්කෝ සමාගමේ මෙන්ම සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමෘද්ධි මූල්‍ය මණ්ඩලය නියෝජනය කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇත.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා මෙම පත්වීම් ප්‍රදානය සිදු

කළේය.

(36698)

 



අදහස් (0)

ලංකා පොහොර සමාගමට - මිල්කෝ සමාගමට නව සභාපතිවරු පත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2545 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site