IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ලංකා අශෝක් ලේලන්ඩ් නව සභාපති මිල්ටන් අමරසිංහ

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමෙහි ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා ලෙස මිල්ටන් අමරසිංහ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.

2025 පෙබරවාරි 17 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. මෙතෙක් කලක් සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ලෙෂාන් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් කරමින් මිල්ටන් අමරසිංහ මහතා එම ධුරයට පත් කරගත් බව සමාගම සඳහන් කරයි.

මිල්ටන් අමරසිංහ මහතා මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස මෙන්ම, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසින්ද කටයුතු කළේය. ඒ මහතා සතුව රාජ්‍ය පරිපාලන සහ පෞද්ගලික අංශයෙහි වසර 50කට අධික අත්දැකීම් සහිත බවත්, ජ්‍යෙෂ්ට කළමනාකරණ තනතුරු දරා ඇති බවත් සමාගම පවසයි.

මෙම නව පත් කිරීමත් සමගින්ම ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ මිල්ටන් අමරසිංහ (සභාපති), ගෝපාල් මහාදේවන් (ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ), එස්. අරෝරා (ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ), කේ. සමරරත්න (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ), දිනේෂ් වීරක්කොඩි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ කිත්සිරි ජයවර්ධන (ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්වරුන්ය.



අදහස් (0)

ලංකා අශෝක් ලේලන්ඩ් නව සභාපති මිල්ටන් අමරසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site