IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලංකාවේ සරුවට වවන ජපන් දොඩම්

හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් 2006 වසරේදී එහිමි නාරං “හොරණ එහිමි” නමින් ගොවි ජනතාවට හඳුන්වා දුන්නා
මෙම නාරං වර්ගය ඉතා සරුවට උඩරට අතරමැදි කලාපයේ බණ්ඩාරවෙල සහ වැලිමඩ කලාපවල වගා කළ හැකියි.
මේ වන විටත් මෙම ප්‍රදේශවල නාරං පැළ විසිහතර දහසක් පමණ වගා කිරීමට පියවර අරන්
බණ්ඩාරවෙල සහ වැලිමඩ කලාප දෙකෙහි තෝරාගත් ගොවීන් හාරසියයක් පමණ සහභාගී කර ගෙන කර ඇති වගාවේ මේ වන විටත් අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කරලා
පසුගිය දිනෙක ජපන් රජයේ විද්‍යාඥයන් ඇතුළු දූත පිරිසක් මෙම වගා බිම්වල නිරීක්ෂණ චාරීකාවකටත් ඇවිත්


වියලු‍ව වාර්තාකරු 


ජපානයේ බහුලව වගා කරන“එහිමි” නම්වූ නාරං විශේෂය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
 ජපන් රජයේ අනුග්‍රහය ඇතිව එරට විද්‍යඥයන් පිරිසකගේද සහාය ඇතිව වගා කරනු ලබන “එහිමි” නම්වූ නාරං බිබිලේ පැණී දොඩමට සෑම අතකින්ම නෑකම් කියන බවද කෘෂිකර්ම බලධාරීහු පවසති.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් 2006 වසරේදී එහිමි නාරං “හොරණ එහිමි” නමින් ගොවි ජනතාවට හඳුන්වාදෙනු ලබන්නේ එම වැඩපිළිවෙළේ පළමු අදියර යටතේය. 
 මෙම නාරං වර්ගය එම ප්‍රදේශයටත් වඩා ඉතා සරුවට උඩරට අතරමැදි කලාපයේ බණ්ඩාරවෙල සහ වැලිමඩ කලාපවල වගා කළ හැකි බව මෙරට කෘෂීකර්ම බලධාරින් වටහා ගනු ලැබීමත් සමගම මේ වන විටත් මෙම ප්‍රදේශයේ නාරං පැළ විසිහතර දහසක් පමණ වගා කිරීමට පියවර ගෙන ඇත.
ඒ සඳහා බණ්ඩාරවෙල සහ වැලිමඩ කලාප දෙකෙහි තෝරාගත් ගොවීන් හාරසියයක් පමණ සහභාගී කර ගෙන ඇති අතර මේ වන විටත් ඒවායේ අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කර ඇත.
පසුගිය දිනෙක ජපන් රජයේ විද්‍යාඥයන් ඇතුළු දූත පිරිසක් මෙම වගා බිම්වල නිරීක්ෂණ චාරීකාවකටද එක්වූහ.
නාරං වගා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රහංගල කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සුනන්ද සේනානායක මහතා මෙසේ පැවසීය.
 ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් සමග ජපන් රජයේ විද්‍යඥයන් පිරිසක් මෙරට සිදුකළ සංචාරයකදී බිබිල පැණි දොඩම්වල රසය දැන ගන්නට ඔවුන්ට හැකිවෙනවා.
 ඒ අනුව තමයි ඒ පිරිස ජපන් රටේ වැවෙන එහිමි නම්වූ දොඩම් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මෙරටට හදුන්වාදීමට කටයුතු කරන්නේ.
2012 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය හොරණ එහිමි නාරං ප්‍රභේදය බණ්ඩාරවල හා වැලිමඩ කලාපවල ගොවීන්ට හඳුන්වා දුන්නා. එහිදී මෙම කලාප දෙකේ ගොවීන් දෙසියක් බැගින් තෝරාගෙන ඔවුන්ට පැළ 24 000 ලබා දුන්නා. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ. වගාවල වර්තමාන තත්වය ඉතාම සතුටුදායකයි. වගාව මේ වන විට සාර්ථකව සිදුකෙරෙනව.
මේ වගාව කරන ගොවි මහත්තයෙක් තමයි පෙරහෙට්ටිය කපිල මහත්තයා. අපිට මේ වගාව දිහා බැලු‍වම තේරෙනවා මේ නාරංවල ජපානේ එහිමි නාරං ප්‍රභේදයට ආවේණික සියලු‍ම ලක්ෂණ තියෙනවා කියන එක. රසය ගුණය වර්ණයෙන්ම හැම එකක්ම සමානයි. හොද ගුණාත්මක අස්වැන්නක් ලැබිලා තියෙනවා. 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව ප්‍රධාන කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (පර්යේෂණ) ජේ.ඒ.සුමිත් මහතා මෙසේ පැවසීය. 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලොකු උත්සාහයක් දරනවා මෙරට ජනතාවගේ පලතුරු පරිභෝජනය ඉහළ දමන්නට. ඒ සඳහා පලතුරු නිෂ්පාදනය ඉහළ දැමිය යුතුයි. පලතුරු වර්ග ප්‍රමාණය ඉහළ දමන්න අවශ්‍යයි. ඒ වගේම ජනතාව බලාපොරොත්තුවෙනව ඔරේන්ජ් කීවම ඔරේන්ජ් පැහැය. මේ හැම දේම මෙම එහිමි ප්‍රභේදයේ තියෙනව.
 ඒ අනුව තමයි තමයි මේ එහිමි දොඩම් වගාව ආරම්භ කළේ. මේක ජපානේ තියෙන බොහොම ජනප්‍රිය දොඩම් ප්‍රභේදයක්.
මේ වර්ගය අපේ රට තුළ ප්‍රචලිත කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රමුඛ වුණා. ජපාන රජයේ නියෝජිතයෝ මෙරට නිලධාරින් එක්ක සම්බන්ධ වෙලා තමයි ව්‍යාපෘතිය ආරම්භ කර පවත්වාගෙන යන්නේ. වගාව සාර්ථකව කරගෙන යන්න පුළුවන්. ජනතාවත් මීට ආකර්ෂණය වේවි.
ලබන වසරේ අපි 20 වැනි සංවත්සරය සමරනවා. අපි ඉදිරියේදී මෙරට තුළ තවදුරටත් වගාව ව්‍යාප්ත කරවීමට මෙරට කෘෂීකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරනව.   



අදහස් (0)

ලංකාවේ සරුවට වවන ජපන් දොඩම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2030 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site