( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ලොව ප්‍රකට රූපවාහිනී නාලිකාවක් වන සී.එන්.එන් නාලිකාව (CNN) හරහා නව විද්‍යුත් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යාංශය කියා සිටී.
යුරෝපය, මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව, චීනය හා ඉන්දියාව වැනි ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කරගෙන මෙම ප්‍රචාරන ව්‍යාපාරය දියත් කෙරෙන බවද එම කාර්යාංශය කියා සිටී.
සී.එන්.එන් (CNN) රූපවාහිනී නාලිකාව හරහා මාස තුනක කාලයකට මෙම ප්‍රචාරණ හා දැන්වීම් ව්‍යාපාරය සිදු කෙරෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
නව විද්‍යුත් ප්‍රචාරණ ව්‍යාපාරයට අදාළ ඇගයීම් ක්‍රියාවලිය වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීමට එය සංචාරක අමාත්‍යාංශය වෙතට ඉදිරිපත් කිරීමට නියමිත බවද සංචාරක සංවර්ධන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ඉකුත් වසරේ මැයි මස සිට පසුගිය අප්‍රේල් මස දක්වා සමාජ මාධ්‍ය සංචාරක ප්‍රවර්ධකයින් 30කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්තය පිලිබඳ තොරතුරු මිලියන 65කට අධික සමාජ ජාල භාවිතා කරන්නන් වෙත ළගා වී ඇතැයි සංචාරක සංවර්ධන කාර්යාංශය කියා සිටී.
COMMENTS
විනෝදෙට නම් පෙන්නන්න තියෙන්නේ අපේ පාර්ලිමේන්තුව තමයි.. එ්කේ වේදිකා නාටක ටික පෙන්නුවා නම් හරි..
හොඳ දෙයක්. නමුත් ඔය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන කාර්යාංශයේ අලෙවි අංශයේ ඉන්නේ 85% ම කිසිම විදේශ භාෂාවක් කතා කරගන්න බැරි පන්දම් අල්ලන කට්ටියක්. මේක හදන්න නම් ඒක වෙනස් කල යුතුයි.
මෙයිට වැඩිය හොද නැද්ද සමාජ ජාල හරහා මාකටින් කලානම් මේක තමයි දැන් ට්‍රෙන්ඩ් එක .අපි හැමදාම කරන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වසා දැමීමේ ක්‍රමයි.මේ ක්‍රමය හොදයි මීට අවරුදු 10 කට ඉස්සෙල්ල.සමාජ ජාල වලින් අපි ටාගට් කරන අයටම ඇඩ්වටිස්මෙන්ට් පෙන්නන පුළුවන් වගේම ගානත් අඩු වගේම මේ හින්ද අපිට වෙච්ච ලාබයත් බලාගන්න පුළුවන් විදියට දියුණු වෙලා තියන්නේ. ගගේ මුහුදේ සල්ලි දැම්ම වගේ වැඩක් තමයි TV චැනල් වල ඩ්වටිස්මෙන්ට් දැමීම .ඇඩ්වටිස්මෙන්ට් නම් යයි හැබයි මේකෙන් ලාබය හොයන්න බැහැ