විමුක්ති එස්. රුද්‍රිගු
අට වැනි මාසයටත් අඛණ්ඩව ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගනිමින් පසුගිය අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ විදේශ අංශය අඛණ්ඩව ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.
එසේම ආනයන වර්ධනය වූවාට අපනයන වර්ධනය වීම හේතුවෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩුවී තිබෙන බවද එම වාර්තාවේ දැක්විණ.
මෙම වසරේ අගෝස්තු මාසයේදී ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් මිලියන 368 ක් ලෙස සටහන් වන බවත් එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 7 ක වර්ධනයක් බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම මෙම වසරේ පළමු මාස 8දී මෙරට ජංගම ගිණුමේ ශේෂය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.03 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 26.1 වර්ධනයක් බවත් එම වාර්තාව පෙන්වා දෙයි. පසුගිය වසරේ පළමු මාස 8 හි මෙරට ජංගම ගිණුමේ ශේෂය අමෙරිකානු ඩොලර් බිලියන 2.60 ක් විය.
එසේම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 422.3 ක් මෙරට වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය මෙම වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 414.2 දක්වා අඩුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ. කෙසේ නමුත් පසුගිය වසරේ පළමු මාස 8හි ඇමෙරිකානු ඩොලර් බිලියන 3.56 ක් වූ වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය මෙම වසරේ පළමු මාස 8දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.26 දක්වා ඉහළ ගොස් ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
2025 ඔක්තෝබර් මස 08
1328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1246
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංකාවේ විදේශ අංශයේ අඛණ්ඩ ශක්තිමත් වර්ධනයක්