IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට

විමුක්ති එස් රුද්‍රිගු

මෙම වසරේ පළමු මාස 8 දී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.01 ක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

එය පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව සියයට 3.78 ක් වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. පසුගිය වසරේ පළමු මාස 8 තුළදී ඇමෙරිකාවට භාණ්ඩ අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු බිලියන 1.93 ක් විය.

මෙම වසරේ අගෝස්තු මාසයේදී පමණක් ශ්‍රී ලංකාව ඇමෙරිකාවට ඩොලර් මිලියන 304.07 වෙළෙඳ භාණ්ඩ අපනයනය කර තිබූ අතර එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 1.03 ක වර්ධනයක් වූවේය.

මෙම වසරේ දෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර තිබුණේ ඉන්දියාවට වන අතර ශ්‍රී ලංකාව ඉන් ලැබූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 705.08 ක් විය. එය පසුගිය වසරේ පළමු මාස 8ට සාපේක්ෂව සියයට 22.10 ක සැලකිය යුතු වර්ධනයක් වූවේය. පසුගිය වසරේ පළමු මාස 8 දී ඉන්දියාවට වෙළෙඳ භාණ්ඩ අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 577.47 ක් විය.

කෙසේ නමුත් අගෝස්තු මාසයේදී ඉන්දියාවට කළ වෙළෙඳ භාණ්ඩ අපනයන සියයට 5.86 කින් පහළ වැටී තිබිණි. මෙම වසරේ පළමු මාස 8දී තෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර තිබුණේ එක්සත් රාජධානියට වන අතර ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 647.67 ක් විය. පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව එය සියයට 5.56 ක වර්ධනයක් වූවේය. එක්සත් රාජධානියට වෙළෙඳ භාණ්ඩ අපනයනය කිරීමෙන් පසුගිය වසරේ පළමු මාස 8 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 613.56 අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයා තිබිණි.

 



අදහස් (0)

ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයනය කර ඇත්තේ ඇමෙරිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32984 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15625 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10044 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 141 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 201 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 507 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site