හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ දරිද්‍රතාව සියයට 3.8 දක්වා අඩු වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (10) කොළඹදී ප්‍රකාශ කළේය.
එහෙත් දරිද්‍රතාව රේඛාව දිනකට රුපියල් 400කට ආසන්න අගයකට ඉහළ දැමුවහොත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සැළකිය යුතු ලෙසින් ඉහළ යන බවත් මෙරට වැඩි ජනගහගනයක් සිටින්නේ එම සීමාවේ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීය.
ඒ අනුව ආර්ථිකමය වශයෙන් අනාරක්ෂිත ජනගහනය ඉතා ඉහළ යන බව ද හෙතෙම කීය.
තරුණ ව්‍යවසාකයන් ඇගයීම වෙනුවෙන් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතන ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී මහ බැංකු අධිපතිවරයා එම කරුණු කීවේය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ දරිද්‍රතාව මට්ටම පහළ ගිහින්. එම ජනගහනය සියයට 3.8ක් දක්වා අඩුවෙලා. එය ඉතාමත් අඩු අගයක්. එය ඉතා හොඳයි. නිරපේක්ෂ දරිද්‍රතා මට්ටම රේඛාව වූයේ දිනකට එක්සත් ජනපද ඩොලර් 1.30 (ආසන්න වශයෙන් රුපියල් 200ක්) එහෙත් එම රේඛාව එක්සත් ජනපද ඩොලර් 2.50ක් දක්වා (ආසන්න වශයෙන් රුපියල් 400ක්) දක්වා ඉහළ දැමුවහොත් ලංකාවේ අතිබහුතරයත් එම කොටසේ සිටිනවා. ආර්ථිකමය වශයෙන් අනාරක්ෂිත පිරිස ඉතා වැඩි.
ඒ නිසා ඒ මට්ටම් වලින් ජනතාව මුදා ගැනිය යුතුයි. එසේ කළ හැකි ප්‍රධානතම ක්‍රමවේදයක් ලෙස ග්‍රාමීය ව්‍යවසායකත්වය පෙන්වාදෙන්න පුළුවන්. ව්‍යාවසායකයන්ට විශේෂයෙන් රටේ තරුණ ප්‍රජාවට ව්‍යවසායකත්වය තුළින් ඔවුනොවුන්ගේ ජනජීවිතය උසස් කරගන්න පුළුවන්” යැයි හෙතෙම වැඩිදුරටත් කීය.
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලංකාවේ නිරපේක්ෂ දරිද්‍රතාවය 3.8 කින් අඩුවෙයි
vidya Friday, 11 May 2018 02:59 PM
හිස්පුටු ගොඩක් තියෙන්නේ දරිද්‍ර තත්වයෙන් පෙලෙන මිනිස්සු දවසේ වේල හොයා ගන්න ගිහින් ඇති.
Raveendra Sunday, 13 May 2018 06:18 AM
අප මේ රවටන්නේ කාවද ???
dhamneth Tuesday, 15 May 2018 03:30 AM
අපේ පළාතේ නම් දිනක අවම වැටුප රු.1500යි. රු. දාහකට අඩුවෙන් මොන පළාතෙන්ද සේවකයෝ ලබාගන්න පුළුවන්? කව්රුත් කියන්නේ කෙනෙක් වැඩට එනවනම් අවම වශයෙන් දිනකට රු. දාහක් ගන්නා බවයි.
hewawitharana Wednesday, 16 May 2018 08:39 PM
බැංකු අධිපති වරයා ඉංගිරිසියෙන් කළ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන විට පොඩ්ඩක් වැරදිලා වගේ