(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සඳහා වැඩි ඉඩක් ලබාදීමට කුර්දිස්ථානය (ඉරාකය) එකඟතාවය පළ කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවක දී මෙම එකගතාවය පළ වූ බවද එම අමාත්‍යාංශය කියයි.
කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දී පැවැති එම සාකච්ඡාවට කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ඩලයේ සභාපති ධාරා ජාලිල් ඛාලීල් මහතා ඇතුළු නියෝජිතයෝ 16 දෙනෙක් එක් ව සිටියහ.
ඉරාක ශ්‍රී ලංකා කොන්සාල්ජෙනරාල්වරයා සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම හමුව සංවිධානය කර තිබිණි.
මෙම නියෝජිතයන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්නේ කුර්දිස්ථානයට පුහුණු ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවයි. ආර්ථික සහයෝගිතාවයක් ලෙස පුහුණු ගුරුවරුන්ට කුර්දිස්ථාන ප්‍රාන්තයේ රැකියා අවස්ථා ලබා දීමේ හැකියාව ද මෙහි දී අවධාරණය කෙරිණි.
කෘෂිකාර්මික අපනයන සඳහා කුර්දිස්ථානයෙන් වැඩි අවස්ථාවක් ලබා දිය හැකි බව පෙන්වා දුන් කුර්දිස්ථාන නියෝජිතයෝ මෙරට තේ හා කුරුදු සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන බව ද කීහ.

2025 දෙසැම්බර් මස 04
735
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ කෘෂි අපනයනවලට ඉරාකයෙන් වැඩි ඉඩක්
Pradeep Monday, 03 February 2020 12:55 PM
ගුරුවරුන් සඳහා පමණක් නොව හෙද වෘත්තිකයන් සඳහාද ලෝක වෙළද පලේ ඉහළ ඉල්ලුමක් ඇත. මෙයින් බොහෝ ප්‍රමාණයක් සපුරන්නේ ඉන්දියාව විසිනි. අපි තවමත් ගෘහ සේවිකාවන් පමණක් රට පටවමින් සිටිමු. අපේ බලධරයින්ගේ ඇස් ඇරෙන විට බොහෝ විට අප ප්‍රමාද වී තිබීමට පුළුවනි..
upaliTuesday, 04 February 2020 05:17 AM
ඉන්දියාව තම අතටම ආපු අය අත්හැරියේ නැත. ඔබ කීවගේ අපි තවම ගෘහ සේවිකාවන් අපනයන කරමින් සිටී.
chandimaTuesday, 04 February 2020 05:32 PM
හෙද හෙදියන් ඒ රටවලට යැවීමට නම් ඔවුන්ගේ සහතික සහ අධ්‍යාපනය ඒ රටවල ඉල්ලුමට සරිලන ලෙස පැවතිය යුතුයි. බොහොමයක් රටවල හෙද හෙදියන් සඳහා උපාධි මට්ටමේ සහතිකයක් තිබීම අවශ්‍යයි. නමුත් අපේ හෙද හෙදියන්ට උපාධියක් පිරිනැමීමට ගිය සෑම විටකම වෙනත් පාර්ශව විරුද්ධ වීම නිසා අවසානයේ එය කල් යාමෙන් අපේ හෙදියන්ට නිසි අවස්ථා නැති උනා. එක්තරා කාලයක හෙද හෙදියන්ට කෙලින්ම ඇමෙරිකාව වැනි රටවල ස්ථිර පදිංචිය ලබාගත හැකිව තිබුනා. ඉන්දියානුවන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇමෙරිකාවටත් සංක්‍රමණය උනා. දැනුත් ජර්මානු භාෂාව හදාරා ඇති හෙද හෙදියන්ට එරට අවස්ථා තිබෙනවා, නමුත් මේ ගැන පුවත්පතකින් දැනුම් දුන්නොත් මිස විදේශ රැකියා ප්‍රවර්ධන ආයතනයකින් සොයා බලන්නේ නැහැ. අනෙක එම රැකියාවලට යැවීමට අපේ රටේ නිසි දීර්ඝ කාලින අධ්‍යාපන වැඩපිළිවෙලක් ඇත්තේ නැහැ. වෙනකක් තබා අප රටේ ප්‍රධානම අදායමක් වන සංචාරක කර්මාන්තයට අවශ්‍ය පරිදි විදේශ භාෂා පුහුණු කිරීමක්වත් විධිමත්ව නැහැ. සංචාරකයින් යන්නේ එහෙන් මෙහෙන් භාෂාව අමුනා ගත් ගයිඩ්ලා සමගයි. වෙන රටවල නම් " HERITAGE INTERPRETATION " යනුවෙන් ප්‍රශ්චාත් උපාධි පවා තිබෙනවා.
ArisSunday, 09 February 2020 10:48 AM
2009 යුද්දේ ඉවර වුනාට පස්සේ ලිබියාවටත් හෙදියන් ඇරියා වගේ මතකයි. ඒ ගිය හෙදියන්ට මොනවා උනාද දන්නේ නැහැ, ඊට පස්සේ එහෙ යුද්දේ පටන් ගත්තා.
palitha Tuesday, 04 February 2020 11:50 AM
MCC එක අත්සන් කළොත් ඉරානේ අපේ බඩුගන්න එක තියා, අපිට ඉරානෙන් ලැබෙන තෙල් ටිකවත් ලැබෙන්නේ නැහැ... ගොයියෝ. ඕන් දැන් කිව්වා කියලා ලියලා තියාගන්න. ඉරානේ හැමවෙලේම අපිට උදව් කරේ හදවතින් මුස්ලිම් රටක් වුණත්, තෙල් දුන්නෙත්, අපේ තේ ගත්තෙත්... ඇමරිකාව කවදාවත් අපිට එහෙම කරන්නේ නැහැ. උන්ට වාසියක් නැත්තන්...
lalithmWednesday, 05 February 2020 03:43 AM
පාර වැරදිලා ඉරානය නොවෙයි. ඉරාකය ගැන මේ කියන්නේ. මොකක් කිව්වත් අපේ අපනයන ආදායමෙන් 35% විතරම තවම එන්නේ ඇමරිකාවෙන් නේද? අපි කටමැත කිව්වට පලක් නැහැ.
chandima Tuesday, 04 February 2020 05:21 PM
බඩු මුට්ටු නම් ඕන තරම් යැව්වට කමක් නැහැ. නමුත් ගුරුවරු යවලා ඒ අය සහරාන්ලා වෙලා අපහු අවොත් විනාශයි. ඒක නිසා ගුරුවරු යවන වැඩේ අල්ලලා දාන්න.