දේශගුණික විපර්යාසවලට එරෙහිව ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායවල (MSME) ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සන්ධිස්ථානීය පියවරක් ලෙස, ක්‍රිසලිස්, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා දේශගුණික ඔරොත්තු දීමේ චක්‍රීය අරමුදලක් අද කොළඹදී නිල වශයෙන් දියත් කළේය.
ශ්‍රී ලංකාවේ මුල්ම නියමු අරමුදලක් වන එය ජර්මනියේ කෙයා ආයතනයේ මැදිහත්වීමෙන් ජර්මානු ෆෙඩරල් ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධන අමාත්‍යාංශය, යුරෝපීය සංගමය සහ කො-ඉම්පැක්ට් විසින් සම-දායකත්වය සපයන ලද මෙම මුලපිරීම පුළුල් දේශගුණික සහ ආපදා අවදානම් මූල්‍යකරණය සහ රක්ෂණ (CDRFI) රාමුවේ කොටසකි. දේශගුණ විපර්යාසය නිසා ඇතිවන හානි හා ආපදා සඳහා රක්ෂණ විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේ වැදගත් ආරම්භක පියවරක් ලෙස දේශගුණික ඔරොත්තු දීමේ චක්‍රීය අරමුදල හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ දේශීය සංවර්ධන ආයතනයක් වන ක්‍රිසලිස් විසින් දියත් කරන ලද එම අරමුදල මගින් ජීවනෝපාය ආරක්ෂා කිරීම, පශ්චාත්-ආපදා ප්‍රතිසාධනය වේගවත් කිරීම සහ ඌව සහ මධ්‍යම පළාත්වල ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අතර දිගුකාලීන ඔරොත්තු දීමේ පිළිවෙත් ඇතුළත් කිරීම අරමුණු කරයි.
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය වන අතර රැකියා උත්පාදනය, ආර්ථික විවිධාංගීකරණය සහ ප්‍රජා සංවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි. මෙම ව්‍යවසාය බොහොමයක් කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන හෝ කාන්තාවන් විසින් බලගන්වන ලද ඒවා වන අතර, ඒවා ගෘහස්ථ ආදායමට පමණක් නොව සමාජභාවීය සමානාත්මතාවය සහ ප්‍රජා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ද අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, මෙම ව්‍යවසාය ගංවතුර, නියඟ, නායයෑම් සහ අනෙකුත් දේශගුණික විපර්යාස හේතු කොටගෙන හටගන්නා කම්පනවලට වැඩි වැඩියෙන් නිරාවරණය වන අතර එනිසා, ව්‍යාපාර මෙහෙයුම් කඩාකප්පල් වී යා හැකි අතර ජීවනෝපායන්ට තර්ජනයක් විය හැකිය. අලුතින් දියත් කරන ලද චක්‍රීය අරමුදල බදුල්ල, මොණරාගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංසද හරහා ඉක්මන් මූල්‍ය ආධාර ලබා දීමට නියමිතය. එමඟින් ව්‍යාපාර ඉක්මනින් යථා තත්වයට ගෙන ඒමට හැකිවීම, කාන්තා ආර්ථික සහභාගීත්වය ආරක්ෂා කිරීම සහ ආපදාවලින් පසු ව්‍යාපාර අඛණ්ඩතාව සහතික කිරීම අපේක්ෂා කෙරේ.
එහිදී ජර්මනියේ කෙයා සංවිධානයේ බහුපාර්ශ්වික සහයෝගීතා වැඩසටහන් (MAP ii) සම්බන්ධීකාරක හැනා බාර්ටෙල්ස් කියා සිටියේ, “ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශයේ (BMZ) නායකත්වය සහ ගෝලීය හවුල්කරුවන්ගේ කැපවීම සමඟ, ශ්‍රී ලංකාවේ මෙම මුලපිරීම ජාත්‍යන්තර අරමුදල් මගින් ප්‍රජා මට්ටමින් ඔරොත්තු දීමේ හැකියාව සෘජුවම ශක්තිමත් කළ හැකි ආකාරය නිරූපණය කරනු ඇති ” බවයි.
ක්‍රිසලිස් හි ප්‍රධාන විධායක නිලධාරී අශිකා ගුණසේන මහත්මිය එම සභාව අමතා මෙසේ පැවසුවාය.
”ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය වන නමුත්, කාන්තාවන් සතු ව්‍යාපාර ගංවතුර, නියඟ සහ අනෙකුත් දේශගුණික කම්පනවලින් දැඩි පීඩාවට පත්වේ. දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම යනු ව්‍යවසාය ආරක්ෂා කිරීම පමණක් නොවේ , කාන්තා ජීවනෝපාය ආරක්ෂා කිරීම සහ ප්‍රජාව ශක්තිමත් කිරීම එහිදී ඇති වඩාත් පුළුල් ඉලක්කයකි.”
මෙම මුලපිරීම රජයේ අමාත්‍යාංශ, පෞද්ගලික අංශයේ මූල්‍ය ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් සම්බන්ධ වන බහු-ක්‍රියාකාරී සහයෝගීතාවකි. ආපදා අවදානම් මූල්‍යකරණය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංසදයට සෘජුවම සම්බන්ධ කිරීමෙන්, ආපදාවට පත් ව්‍යාපාර වේගයෙන් යථා තත්වයට පත් කිරීමට සහාය වීම පමණක් නොව, ජාතික වශයෙන් පැතිරවිය හැකි දිගුකාලීන ඔරොත්තු දීමේ පිළිවෙත් ද පෝෂණය කරයි.”
ශ්‍රී ලංකාවේ ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රතිපත්තියට ‘දේශගුණික සහ ආපදා අවදානම් මූල්‍යකරණය සහ රක්ෂණ‘ ඒකාබද්ධ කිරීම, චක්‍රීය අරමුදලේ සංවර්ධන ක්‍රියාවලිය සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංසදය වෙත පළමු වටයේ ප්‍රදාන සංකේතාත්මකව භාරදීම ද මෙම අවස්ථාවට ඇතුළත් විය. එය ප්‍රතිපත්ති සම්පාදකයන්, පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන් සහ සංවර්ධන හවුල්කරුවන්ට දේශගුණික අවදානම් සූදානම සඳහා පරිමාණය කළ හැකි විසඳුම් ගවේෂණය කිරීමට වේදිකාවක් සපයන ලදී.
මෙම පුරෝගාමී මුලපිරීම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, වෙළෙඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීම සහ සංචාරක, කෘෂිකර්මාන්තය සහ කර්මාන්තවල තිරසාර ජීවනෝපාය පෝෂණය කිරීම අරමුණු කරයි. චක්‍රීය අරමුදල පුළුල් CDRFI විසඳුම් කරා යන ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරයි, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවල වර්තමාන හා අනාගත දේශගුණික අභියෝග සඳහා වඩා හොඳින් සූදානම් ව සිටින බව සහතික කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායවලට දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ චක්‍රීය අරමුදලක්