IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ අපනයන ආර්ථිකය ඉහළ දැමීමේ වැඩපිළිවෙළක්

(අංජුල මහික වීරරත්න)

ඇමරිකා එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟම දිනෙන් දින ඉහළ යන ඩොලරයේ අගය වැඩිවීමට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය කඩිනමින් ඉහළ දැමීමේ වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බව රජයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ සිටින ඉහළම මට්ටමේ ආර්ථික විශේෂඥයින් මේ කාර්යයයේ නිරතව සිටිම විශේෂත්වයකි.

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමට ඉන්දියාව ගත් ක්‍රමවේදය අසාර්ථකවීමත් සමඟ නව ක්‍රමවේදයකට රුපියලේ අගය පාලනය කිරීමට කටයුතු කළ යුතු බව ඉහත ආර්ථික විශේෂඥ කණ්ඩායමේ මතය වී පවතියි.

ඩොලරයේ අගය උපරිම වශයෙන් ඉහළ ගොස් නතර වන තීරණාත්මක අගයේදී රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා ගතයුතු පියවර රජයට නිර්දේශ කිරීම ආර්ථික විශේෂඥ කණ්ඩායමේ ප්‍රධාන කර්යය වී තිබේ.

ඉහළ අගයක් සහිත ඩොලර් හැකි තරම් රට තුළට ගෙන ඒම සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන අපනයන වැඩි කර ගැනීමේ ක්‍රමවේදයද ඉහත ආර්ථික විශේෂඥ කණ්ඩායම රජයට යෝජනා කිරීමට නියමිතය.



අදහස් (2)

ලංකාවේ අපනයන ආර්ථිකය ඉහළ දැමීමේ වැඩපිළිවෙළක්

sena Thursday, 27 September 2018 02:24 PM

අපනයන ආර්ථිකයකට යන්න හුගාක් කල් යනවා. අපේ ශ්‍රමිකයින්ට තියෙන විදේශ රැකියා අවස්ථා වැඩි කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් බැලුවොත් යන්තම් හරි ප්‍රශ්නෙට විසදුමක් ලැබෙයි.

:       0       35

Nihal Monday, 01 October 2018 06:55 PM

වැදගත් මාතෘකාවක්. මුදල් වලින් පොහොසත් ඒ වුණාට කාලයෙන් දුප්පත් බටහිර රටවල පාරිභෝගිකයන්ට අපනයනය කරන්න පුළුවන් දේවල් වලටත් අවධානය යොමුකිරීම හොදය කියල මට හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 32 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site