මෙරට වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ලක්බිම ප්ලාන්ටේෂන් පෞද්ගලික සමාගම විශිෂ්ට කාර්යසාධනය සහ ව්‍යවසායකත්වය සඳහා වන ස්වර්ණසිංහ ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. ලක්බිම සමාගම් සමූහයට අයත් එම සමාගම හඳුන්වා දී ඇති තිරසාර සහ නව්‍ය කෘෂිකාර්මික සංකල්ප එහිදී ඇගැයීමට ලක්විය.
ප්‍රධාන විධායක නිලධාරි, දේශමාන්‍ය උපුල් කුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ලක්බිම ප්ලාන්ටේෂන් ප්‍රධාන කාර්යාලය මහරගහ පිහිටා ඇත. එම සමාගම රත්‍රන් වැනි වටිනා ශාකයක් වන ඇක්විලාරියා හෙවත් අගාවුඩ් වැනි ඉහළ වටිනාකමක් සහිත බෝග වගා කරයි. බොහෝ වැවිලි සමාගම් ඔවුන්ට අයත් ඉඩම්වල අගාවුඩ් ශාක වගා කර ඒවායේ අයෝජනය කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව දෙන නමුත් ලක්බිම ප්ලාන්ටේෂන් සමාගම පාරිභෝගිකයන්ට අයත් ඉඩම්වලද වගා කටයුත සිදු කර දෙයි.
අගාවුඩ්වලට අමතරව කුරුඳු, නයිමිරිස්, ඉඟුරු වැනි බෝග වගා කරන එම සමාගම ඒවා අපනයනය කිරිමෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරිමට දායක වේ. පරිසර හිතකාමී නිෂ්පාදන පුරුදු සහ සදාචාර සම්පන්න ව්‍යාපාර මුලධර්ම අනුගමනය කරන එම සමාගම මෙරට ආර්ථිකයේ සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා දක්වන්නේ කැපී පෙනෙන දායකත්වයකි. එම සමාගමේ ආනයන අංශය මෙරට කර්මාන්ත රැසකට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපැයුම සහතික කරයි. ගෝලීය වශයෙන් පිළිගත් සමාගම් සමග සම්බන්ධ වී ඇති ලක්බිම සමාගම් සමූහය රටවල් පහකට වැඩි සංඛ්‍යාවක මෙහෙයුම් පවත්වාගෙන යන අතර ශාඛා දහයකට වැඩි සංඛ්‍යාවක් හරහා සිය පාරිභෝගිකයන්ට, ව්‍යාපාර සහකරුවන්ට සේවා සපයයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලක්බිම ප්ලාන්ටේෂන් ‘ස්වර්ණසිංහ ජාතික’ සම්මානයෙන් පිදුම් ලබයි