IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලංකාගම උප තැපැල් කාර්යාලයේ දී BOC connect ඇරැඹී

දෙණියාය විශේෂ එස් ඩී කොඩිකාර


“ළඟම තැපෑලෙන් ලංකා බැංකුවට”‍ යන තේමාව යටතේ ලංකා බැංකුව හා තෑපැල් දෙපාර්තමේන්තුව එක්ව ගනු දෙනු කරුවන්ගේ පහසුව වෙනුවෙන් BOC connect  දිවයින පුරා තැපැල්, උප තැපැල් කාර්යාලවලට හඳුන්වා දීමේ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ පළමු වැඩසටහන ලංකාගම උප තැපැල් කාර්යාලයේ දී පසුගියදා ආරම්භ කෙරුණි. 

 ලංකා බැංකු ගිණුම් වලට මුදල් තැන්පතු කිරීම, මුදල් ආපසු ගැනීම, ගිණුමකින් ගිණුමට මුදල් හුවමාරු කිරීම, ණය වාරික ගෙවීම, බිල්පත් ගෙවීම යන ආදි සේවා මෙහිදී සිදු කර ගත හැකි බව දෙණියාය ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු සලීල හංසජිත් මහතා පැවසීය.

මේ අවස්ථාවට ලංකා බැංකුව දකුණු පළාත් සහකාර මහා කළමනාකාරිණී මනෝසිකා හේරත්, ප්‍රාදේශීය කළමනාකාරිණී කාංචනා චතුරානි දෙනියාය ලංකා බැංකු ශාඛාවේ කළමනාකරු සලීල හංසජිත්, දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පති රවින්ද්‍ර ගුණරත්න, ප්‍රාදේශීය තැපැල් අධිකාරී මාතර එච්.එච්. වසන්ත. දෙනියාය තැපැල්කාර්යාලයේ ස්ථානාධිපති පී.එස්.ආර්.ලියනගේ, ලංකාගම උප තැපැල් ස්ථානාධිපති ඩබ්ලිව්.ජී. උදයංගනී යන මහත්ම මහත්මීන් ඇතුළු ගනුදෙනුගනුකරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

දකුණු පළාත් සහකාර මහා කළමනාකාරීණී මනෝසිකා හේරත් මහත්මිය ලංකාගම උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ඩබ්ලිව්.ජී.උදයංගනී මහත්මියහට connect යන්ත්‍රය භාර දෙන අයුරු.



අදහස් (0)

ලංකාගම උප තැපැල් කාර්යාලයේ දී BOC connect ඇරැඹී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site