IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රත්මලාන ගුවන්තොට හැඩවේ

( තිළිණි ද සිල්වා )

රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කරන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළවෙල යටතේ එය ක්‍රියාත්මක වන අතර ඒ අනුව සංචාරක ආකර්ශනීය ස්ථාන වෙත ගමන් කිරීමේ නව දේශීය ගුවන් මාර්ග හදුනාගැනීමත්, ගුවන් යානා සඳහා සුදුසු නව ධාවන පථ හඳුනා ගැනීමත් සිදුකෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .

මීට අමතරව රත්මලාන ජාත්‍යාන්තර ගුවන්තොටුපල නව ක්ෂේත්‍රයන් රැසක් ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට අපෙක්ෂා කරන අතර ඒ යටතේ විනෝදාස්වාද ජනක ගුවන් ගමන් විවාහ උත්සව ගුවන් ගමන් ඡායාරූප, නාට්‍ය හා සිනමාකරණයට අදාල ගුවන් ගමන් සදහා රත්මලාන ගුවන්තොටුපල ප්‍රවර්ධනය කිරීමට ද නියමිත බව සංචාරක අමාත්‍යාවරයා කීය.

මීට අමතරව ජාත්‍යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් මෙන්ම පෞද්ගලික ජෙට් මෙහෙයුම් සදහා ද රත්මලාන ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

ඉතා ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කර ගෙන ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී පුද්ගලික ගුවන් යානා සදහා තාක්ෂණික නැවතුම් සේවා , ගුවන් ඉන්ධන පිරවීම් වැනි අවශ්‍යතාවයන් සදහා ද රත්මලාන ගුවන්තොටුපල තුළ ඉඩ කඩ සලසා දී ඇති බවද හෙතෙම කීය.

 



අදහස් (3)

රත්මලාන ගුවන්තොට හැඩවේ

Athula Sunday, 11 April 2021 03:58 PM

උඹලා විනෝද වෙන්න තැන් හදනවා ජනතාව ජිවිතය ආරක්ෂා කරගන ඉන්න ක්‍රමයක් හොයනවා රටේ හැම තැනම අපරාධ වස විස එදා වේලකන්න නැහැ

:       2       5

sachith Monday, 12 April 2021 08:45 AM

ව්‍යාපෘථිය අවසානයේ ගුවන්තොටුපල කෙසේවෙතත් සමහරුන්ගේ ස්විස් බැංකු ගිණුම් හැඩ වෙලා තියෙයි.

:       1       4

karuMonday, 12 April 2021 10:36 AM

මිනිස්සුන්ගේ මුදල් හොරාකාලා තමයි මේ අදටත් ඇද ඇද යන්නේ. හරියකට ඇවිදගන්නත් බැරි මේ අයව දියවන්නාවට එවපු අයට ශාප වෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site