IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රටට ඩොලර් උපද්දන තැඹිලි කර්මාන්තය

 

තැඹිලි නිෂ්පාදනාගාරයේ පින්තූර


 

  • ගෘහස්තව කළ හැකි කර්මාන්තයක්
  • සෑහෙන පිරිසකට රැකියා උත්පාදනයක්
  • කර්මාන්තපුර දෙකකට ගියත් තවමත් ගොඩනැගිල්ලක් ලැබිලා නැහැ
  • මේ වන විට නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක්
  • බලධාරීන්ගේ අවධානය අවශ්‍යයි

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ


ජනක සම්පත්
එකතු කරගෙන ආ තැඹිලි තොගයක්
 
ජානක මහතා දිනා ඇති සහතික 

රටක් දියුණු වන්නේ අලු‍තින් සිතන මිනිසුන් නිසාය. සෑම ක්ෂේත්‍රයකටම එය පොදුය. රටේ කෘෂිකර්මාන්තය, වාණිජ අංශය, කර්මාන්ත අංශයවැනි කාරණාවලට ද මෙය අදාළය. ගතානුගතිකව නොසිතා අලු‍ත් දෑ කරන මිනිසුන් සිටිනා රටවල් දිනෙන් දින දියුණුය. අනෙක් රටවල්වලට වඩා සංවර්ධනයෙන් පෙරට එන්නේ එවැනි මිනිසුන් සිටින රටවල්ය. අලු‍ත් නිෂ්පාදන එළි දැක්වීමට එම රටවල්වල පාලකයන් අත දෙන්නේ හෙමින් නම් නොවේ. ඔවුන් ආරක්ෂා කරනුයේ අලු‍ත් නිෂ්පාදනයන්ට අවශ්‍ය අවම පහසුකම් නොව උපරිම පහසුකම් ලබා දෙමිනි. අපේ රටේ අයත් එලෙස අලු‍තින් සිතන අයට අවශ්‍ය පහසුකම් ලබා දේදැයි යන්න පිළිබඳව දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.
අපේ රටේත් අලු‍තින් සිතන අය නැතුවා නොවේ. අලු‍තින් සිතා අලු‍ත් නිෂ්පාදන කරන අය ඕනෑ තරම් සිටිති. ඒ අතරින් තමනුත් ගොඩවී රටත් ගොඩදාන අය ඇත්නම් ඒ සීමිතවය. ඒ තමන්ට ඒ වෙනුවෙන් ශක්තිය ඇතිවුන්ය. අනෙක් අය ලත් තැනම ලොප්ය. ඒ ඔවුනට අතදීමට කිසිවකු නොමැති නිසාය. ආණ්ඩු ඔවුන් දෙස නොබැලීම හේතුවෙනි. අද අප මේ කතා කරන්නේ එවැනි අයෙක් පිළිබඳවය.
ඔහු ඇල්පිටියේ කුඩාගල ඒ.ඒ.ජානක සම්පත්ය. ජානක සම්පත් තැඹිලි ගෙඩියෙන් මෙරටට ඩොලර් ගෙන ආ හැකි කර්මාන්තයට අත ගසා සිටින්නේය. ඒ විතරක්ම නොව මේ කර්මාන්තයෙන් ඔහු මේ වනවිට ප්‍රදේශවාසී තරුණ තරුණියන් අට දෙනකුට රැකියා ලබාදී තිබේ. තැඹිළි ගෙඩියේ වතුර රට පැටවීම ජානක සම්පත්ගේ කර්මාන්තයි. එය සරල ක්‍රියාවක් නොවේ. මේ කර්මාන්තය සඳහා තැඹිලි සොයා ගත යුතුය. සොය ගත් තැඹිලි ගෙඩිවල වතුර නරක් නොවන සේ බෝතල්වල ඇසිරිය යුතුය. මේ ක්‍රියාදාමය ශ්‍රම විභජනය වන කර්මාන්තයකි. සාමාන්‍යයෙන් ගෘහස්ථව සිදු කළත් හත් අට දෙනකුම ඒ සඳහා සහභාගී කර ගත යුතුමය.
ඒ විතරක්ම නොව තැඹිලි වවන්නන්ටද ආදායමක් ලැබෙන දෙයකි. තැඹිළි කපන්නන්ටද රැකියාවකි. කපන තැඹිලි ප්‍රවාහනය කරන්නන්ට ද රැකියාවකි. ජානක සම්පත් මෙය කර්මාන්ත ශාලාවක් ලෙස කරගෙන යාමට මේ දිනවල උත්සහා දරමින් සිටින්නේය. එසේ වුවහොත් තැඹිළි වතුර සෘජුවම අපනයනය කළ හැකි බව ඔහු කියයි. ඒ වගේම සිය දහස් ගණනකට රැකියා සැපයිය හැකි බවද ජානක කියයි. මෙය තමන්ට තනිවම කළ නොහැකි බවත් රජයේ අදාළ බලධාරීන් මේ සඳහා ඊට අවැසි ශක්තිය තමාට ලබාදේනම් ලංකාවේ තැඹිලි මෙරට ඩොලර් උල්පතක් කළ හැකි බවත් ඔහු කියයි. එපමණක්ම නොව ලංකාවේ තැඹිළි වතුර රට පටවන දකුණේ පළමු කර්මාන්ත ශාලාව තමාට බිහි කළ හැකි බවත් ජානක කියයි. මේ සඳහා අදාළ බලධාරීන්, නිලධාරීන් උදව් අවශ්‍ය බවද ජානක කියයි. මේ ඔහුගේ කතාවය.
ඇත්තටම මගේ තැඹිළි වතුර නිෂ්පාදනයට සම්මාන කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මම ඒ කර්මාන්තය පිළිවෙළකට කරනවයි කියන එකයි. මගේ මේ නිෂ්පාදනයට කොහෙන්වත් පැමිණිලි ලැබිලා නැහැ. හොඳ තත්ව සහතිකයක් යටතේයි මේ කර්මාන්තය කරගෙන යන්නේ. මේ ව්‍යාපාරය ඉතා හොඳට දියුණු කරන්න පුළුවන් ව්‍යාපාරයක්. මට ඒක හොඳින්ම දැනිලා තියෙනවා. මගේ තැඹිළි වතුර නිෂ්පාදනයට හොඳ ඉල්ලු‍මක් තියෙනවා. මට ඒකෙන් හොඳ ලාබයකුත් තියෙනවා. පරිසරයට හානියක් නැති ව්‍යාපාරයක්. ඉවතලන තැඹිළි කෝම්බයත් පොහොරක් හැටියට ගන්න පුළුවන්. බය නැතිව කියන්න පුළුවන් මේ ව්‍යාපාරයෙන් රටට අවශ්‍ය ඩොලර් හොයන්න පුළුවන්. ඒකට බයවෙන්න දෙයක් නැහැ. මට ඕන මේ ව්‍යාපාරය තව තව දියුණු කරලා ලංකාවේ හොඳ ව්‍යවසායකයෙක් වෙන්න. ඒක කරන්න පුළුවන් සැමදෙනාගේම සහයෝගය ලැබෙනවනම්.
මම දැනට මේ ව්‍යාපාරය කරගෙන යන්නේ නිවසේ උඩ තට්ටුවේ පොඩියට. මට පේනවා මේක ලොකුවට කරගෙන යන්න පුළුවන්. මේක මට අවබෝධ වුණු නිසා රජයෙන් පවත්වාගෙන යන ගාලු‍ දිසාවේ අපේ ගමට කිට්ටුවෙන් තිබෙන රජයේ කර්මාන්තපුර දෙකකට ගියා ගොඩනැගිල්ලක් ගන්න කියලා. එහෙත් තවම ඒක ලැබුණේ නැහැ. එවැනි තැනක් ලැබුණොත් අපේ ගම්වල ඉන්න තරුණ තරුණියන් ගොඩ. ඔවුන් සියලු‍දෙනාටම රැකියා දෙන්න පුළුවන්.
අපේ ගම් ප්‍රදේශවල වහපු පාසල් කොච්චර තියෙනවද. ඒ වගේ තැනක් ලැබුණොත් තැඹිලි වතුර නිෂ්පාදනය විතරක් නෙවෙයි ඒ සඳහා අවශ්‍ය තැඹිළි ගන්න තැඹිළි පැළ ව්‍යාපෘතියකුත් කරන්න පුළුවන්. එවිට එතනත් රැකියා කීයක් තියෙනවද. රැකියා ජාලයක් ඇති කරන්න පුළුවන්. මීට මාස කිහිපයකට පෙර අපි තැඹිළි ගෙඩියක් ගත්තේ රුපියල් අසූවකට. දැන් ගන්න වෙලාතියෙන්න රුපියල් එකසිය විස්සකට.
අනෙක මට සෘජුවම විදෙස් රටක් එක්ක තැඹිළි වතුර බෝතල් දෙන්න බැහැ. ඒ රටවල් ඉල්ලන්නේ අඛණ්ඩ සැපයුමක්. මට ඒක කරන්න හැකියාවක් නැහැ. අවශ්‍ය ප්‍රාග්ධනය නැති නිසා. රුපියල් කෝටියක විතර ප්‍රාග් ධනයක් අවශ්‍යයි. එවැනි ණය මුදලක් ලැබෙනව නම් අනිවාර්යයෙන්ම මගේ කර්මාන්තය ඉතා ඉක්මනින්ම ආරම්භ කරන්න පුළුවන්. එහෙම වුණොත් තැඹිලි වතුර රට යවන දකුණේ පළමු කර්මාන්ත ශාලාව වන්නේ එයයි. මේක මගේ සිහිනයක්. මේ සිහිනය සැබෑ කරන්න නම් රජ්‍ය සහ වාණිජ බැංකු අත දියයුතුමයි.
 මේ වනවිට මගේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලු‍මක් තියෙනවා. ඒ ඉල්ලු‍මට සැපයුම දෙන්න බැරිකමයි තියෙන්නේ. අනෙක මම තොගයක් ඉවර කරලා තමයි ආයෙත් නිෂ්පාදනවලට යන්නේ. ඒ තොගයෙන් ලැබෙන මුදලින් තමයි ආයෙත් තැඹිලි අරගෙන නිෂ්පාදනය පටන් ගන්නේ.ප්‍රාග්ධයක් තිබුණනම් එහෙම වෙන්නේ නැහැ. බඩු ඕනෑ තරම් ඇණවුම් කරලා ඉල්ලු‍මට සෑහෙන්න සැපයුම දෙන්න පුළුවන්. නිෂ්පාදනය වැඩිකරන්න ශ්‍රමිකයන් ගන්න වෙනවා. වැඩි වැඩියෙන් තැඹිළි මිලදී ගන්න වෙනවා. මේ කර්මාන්තය දකුණේම ව්‍යාප්ත කරන්න පුළුවන් ව්‍යාපෘතියක්.
මේ ව්‍යාපෘතිය හරියට කරනවනම් දකුණේ රැකියා හිඟය සෑහෙන්න අඩුකරන්න පුළුවන් වෙනවා. අලු‍තින් තැඹිළි හිටවීමේ ව්‍යාපෘතියකුත් මේ සමග ක්‍රියාත්මක කරනවනම් හරියට සාර්ථක වෙනවා. බය නැතිව කියන්න ඕන තැඹිලි වතුර පිටරට ඕනෑතරම් දෙන්න පුළුවන්. පිටරට විතරක් නෙමෙයි මේ රටෙත් තැඹිලි වතුරට හොඳ ඉල්ලු‍මක් තියෙනවා. මේ ඉල්ලු‍ම සපයන්නයි අප හදන්නේ. ඒ සඳහා උදව් කළොත් අපටපුළුවන් රට ගොඩදාන්න.‍



අදහස් (0)

රටට ඩොලර් උපද්දන තැඹිලි කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site