IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පනතේ දියුණුවට ලංකා වාණිජ මණ්ඩලයෙන් යෝජනා

  • වඩාත් ස්වාධීන, තරගකාරී බව ආරක්ෂා වුණු, පැහැදිලි වාර්තාකරණයක් සහිත, ගැටලු‍ විසඳීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක ජාතික ආයතනයක් පිහිටුවන්න කියයි
  • නිලධාරීන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ අනුදැනුම යටතේ වඩාත් සුදුසුකම්ලත් පුද්ගලයන් පත් විය යුතුයි
  • පෞද්ගලික ආයෝජන ආකර්ෂණයට ශ්‍රී ලංකාවේ හැකියාව තවදුරටත් වර්ධනය කරගැනීමට මෙම කෙටුම්පත අත්‍යවශ්‍ය අංගයක්

භානුක අමරසිංහ

ජාතික රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ආයතනය (PPP) සඳහා වන නීතිමය ක්‍රියාරාමුවක් හඳුන්වාදීම අරමුණු කරගනිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත් කෙටුම්පතේ දියුණුව සඳහා සිදුවිය යුතු වෙනස්කම් කිහිපයක් යෝජනා කරන බව ලංකා වාණිජ මණ්ඩලය පවසයි.

ඒ අනුව මෙම යෝජනා අතර, අදාළ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන යෝජිත ජාතික ආයතනයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, තරගකාරීත්ව සුරක්ෂිතතාව තවදුරටත් ශක්තිමත් කිරීම, වඩාත් පැහැදිලි වාර්තාකරණ අවශ්‍යතා හරහා රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය දියුණු කිරීම, ගැටලු‍ විසඳීම සඳහා වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් සැපයීම යනාදිය පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි. 

“මෙම කාරණා වෙත විසඳුම් ලබාදීම ආයෝජන විශ්වාසය ගොඩනැගීමට මෙන්ම පොදු යහපත සඳහා අතිශය වැදගත් වේවි.”

ඒ අනුව මෙම යෝජනා ආයෝජන මිත්‍රශීලී ප්‍රතිසංස්කරණ ලෙස හඳුන්වාදෙන එම මණ්ඩලය, මූලිකවම රට තුළ යටිතල පහසුකම් සහ සේවා සඳහා වන පෞද්ගලික ආයෝජන ආකර්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ හැකියාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා මෙම කෙටුම්පත අත්‍යවශ්‍ය අංගයක් බව ද පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මෙම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයත් සමගින්ම රට තුළ වර්ධනය, රැකියා උත්පාදනය සහ පෞද්ගලික ප්‍රාග්ධනය කැඳවන ව්‍යාපෘතිය නිර්මාණය වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එම මණ්ඩලය පවසා සිටියි.

“මෙම පනත් කෙටුම්පත වඩාත් නිරවුල් සහ සුවිශේෂී ක්‍රියාරාමුවක් ලෙස ඉදිරිපත් වීමට නම්, ඒ යටතේ පවතින නීති දැනට පවතින නීති සමගින් ගැටලු‍ ඇති නොවනු ඇති බවට පැහැදිලි කර ගත යුතු වෙනවා. ඒ වගේම ජනතාවගේ විශ්වාසය ගොඩනැගීම සඳහා අනාවරණ අවශ්‍යතා දියුණු කළ යුතුයි. ඒ වගේම ව්‍යාපෘති ඇගයීම් කටයුතු ජාත්‍යන්තරයේ හොඳම පිළිවෙත් යටතේ සිදුකළ යුතුයි. මීට අමතරව අදාළ ව්‍යාපෘති තිරසාර සංවර්ධනය වෙත දායකත්වය ලබා දෙන පරිසර, සමාජ සහ පාලන (ESG) ප්‍රමිති ආරක්ෂා කරන බවට වග බලාගත යුතුයි.” 

මෙහිදී එම ජාතික රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආයතනයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන එම මණ්ඩලය, ඒ සඳහා නිලධාරීන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ අනුදැනුම යටතේ වඩාත් සුදුසුකම්ලත් පුද්ගලයන් පත්විය යුතු බව පවසා සිටියි. එසේම බැඳියාවන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බව ද ඔවුහු පෙන්වා දෙති. මීට අමතරව අදාළ ජාතික රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආයතනය පිහිටුවීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීම ද වැදගත් බව ඔවුහු සඳහන් කරති.

“මෙම යෝජිත පනත් කෙටුම්පත වෙත අනුමැතිය හිමිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් සඳහා වන වඩාත් ස්වාධීන ජාතික ආයතනයක් ස්ථාපිත කිරීමට හැකි වේවි. එසේම විශ්වාසනීය සහ ජාත්‍යන්තරව එකට ගැළපෙන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රියාරාමුවක් නිර්මාණයට රජය සහ අනෙකුත් ආයතන සමගින් සමීපව කටයුතු කිරීමට අපි සූදානම්. මෙම ක්‍රියාරාමුව ශ්‍රී ලංකාව වෙත මහා පරිමාණ පෞද්ගලික ප්‍රාග්ධනය ගෙන ඒම සඳහා අතිශය වැදගත් වනු ඇති අතර, එය රට තුළ පවතින යටිතල පහසුකම් ආයෝජන පරතරය අඩු කිරීමටත් හේතුවක් වේවි.” යනුවෙන් ද ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.



අදහස් (0)

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පනතේ දියුණුවට ලංකා වාණිජ මණ්ඩලයෙන් යෝජනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32984 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15623 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10044 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 141 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 201 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 507 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site