IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව පනත් කෙටුම්පත එළිදකී

  • රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය ප්‍රවර්ධනය අරමුණක්

විමුක්ති එස්. රුද්‍රිගු

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව පනත් කෙටුම්පත මහා භාණ්ඩාගාරය පසුගියදා ප්‍රකාශයට පත්කළ අතර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබාගැනීම එහි අරමුණ විය. ප්‍රකාශයට පත්කළ දින සිට දින 10 ක් දක්වා පනත් කෙටුම්පත පිළිබඳව මහජනතාවට අදහස් යොමු කිරීමට මහා භාණ්ඩාගාරය එහිදී අවස්ථාව ලබාදී තිබිණි.

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ඒකකයක් ස්ථාපිත කිරීමටත්, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය ප්‍රවර්ධනය කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් අවශ්‍ය විධිවිධාන සැපයීම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව පනත් කෙටුම්පත මගින් සිදුකෙරෙන බව එහි දැක්විණි.

පාර්ලිමේන්තුව පනත් කෙටුම්පත සම්මත කරනු ලැබුවහොත් ඉන් ඉදිරියට 2025 අංක දරණ රාජ්‍ය හවුල්කාරීත්ව පනත ලෙස මෙම පනත් කෙටුම්පත හැඳින්වනු ඇති බවද එහි සඳහන් විණි.

එසේම ව්‍යාපෘතියේ වටිනාකම හෝ අපේක්ෂිත ආයෝජන වටිනාකම අමාත්‍යවරයා සඳහන් කරන අවම වටිනාකම ඉක්මවන ආරම්භ කර ඇති ව්‍යාපෘති සහ පනත් සම්මත වූ දින සිට ආරම්භ වන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව මෙම පනතට අදාළවනු ඇතැයි ප්‍රකාශයට පත්කරන ලද පනත් කෙටුම්පතේ දැක්වේ.

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව පනත මගින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයට මෙන්ම එවැනි හවුල්කාරීත්වයකට පසුබිම සපයන ගිවිසුම්වල අවශ්‍ය නීතිමය රාමුව සපයන බව එහි සඳහන් වේ.

2025 අයවැය කථාවේදී ආයෝජන ප්‍රවර්ධනය සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් රාජ්‍ය ‑ පෞද්ගලික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් නව පනතක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබිණි.

එහිදී දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය ‑ පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය වෙනුවට විධිමත් නෛතික යාන්ත්‍රණයක් මත පදනම්ව නව ඒකකයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, එම ඒකකය නෛතිකව ස්ථාපිත කරන තෙක් එහි මූලික කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) විසින් ප්‍රධානත්වය දරන රාජ්‍ය ‑ පෞද්ගලික හවුල්කාරිත්ව ඒකකයක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යෝජනාවක් ඉදිරිපත් කළ අතර එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබිණි.

 



අදහස් (0)

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව පනත් කෙටුම්පත එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site