රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්
|
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා රුපියල් බිලියන 2,250 ක පෙර නොවූ විරූ ආදායම් ඉලක්කයක් ඉලක්ක කර ගනිමින් සිටින අතර, එයළඟා කරගත හැකි යථාර්ථයක්’ ලෙස හඳුන්වයි.
රුපියල් බිලියන 2,250 දැවැන්ත ඉලක්කයක් වුවත් මෙම වසර ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට තවත් වාර්තාගත වසරක් වනු ඇතැයි තමන් ශුභවාදීව විශ්වාස කරන බව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2023 වසරේදී උපයා ගත් රුපියල් බිලියන 975 ක ආදායම පසුගිය වසරේදී රුපියල් බිලියන 1,535 දක්වා සියයට 60කින් වර්ධනය වූ පසු මෙම අභිලාශකාමී ඉලක්කයට අවධානය යොමුකර ඇත. මෙම වසරේ ආදායම් ඉලක්කය රේගු ඉතිහාසයේ වැඩිම ආදායම් ඉලක්කයද වේ.
මහා භාණ්ඩාගාරයට අනුව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පසුගිය වසරේ ආදායම රුපියල් බිලියන 1535.8 ක් බවත්, ඒ අනුව එම වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 1533.2 පසුකර යාමට රේගු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුණු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
මුල් අවස්ථාවේදී පසුගිය වසරේ රේගු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 1531 ක් බව භාණ්ඩාගාරය ප්‍රකාශ කළත්, පසුව එය නිවැරදි කළ බව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවැසුවේය. රජයේ දෙපාර්තමේන්තුවලට උපායමාර්ගික සැලසුම්කරණය අවශ්‍ය නොවන බවට සමහරු තර්ක කළද, රේගුව වැනි ආදායම් උත්පාදනය කරන ආයතනවල සාර්ථකත්වය ව්‍යුහගත, ප්‍රතිඵල මත පදනම් වූ ප්‍රවේශයක අවශ්‍යතාව සනාථ කරන බව නෝනිස් මහතා තරයේ කියා සිටියේය.
ආදායම් වර්ධනය පිළිබඳ වැරදි වැටහීම් ආමන්ත්‍රණය කරමින්, අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ, රේගු දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය හුදෙක් ඉහළ ගිය එකතු කළ අගය මත බදු සහ බදු අනුපාත නිසා සිදු වූ බවට කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවය. බදු එකතු කිරීමට අමතරව, රේගු බලාත්මක කිරීමේ උත්සාහය ද තීව්‍ර කර ඇති බව නෝනිස් මහතා පැවැසුවේය. පසුගිය වසරේදී පමණක් රේගු වැරදි සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන 408 කින් රුපියල් බිලියන 8.5 ක දඩ මුදලක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අයකරගෙන ඇතැයි නෝනිස් මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේදී මෙම වර්ධනය දුටුවේ 2023 වසරේදී රුපියල් බිලියන 4.1 ක දඩ මුදල් උපයා ගත් විමර්ශන 224 කින් පසුව බවද ඔහු පැවැසුවේය.
2018-2022 කාලපරිච්ඡේදය තුළදී සාමාන්‍යයෙන් වසරකට විමර්ශන 190 ක් පමණ සිදුකළ බවත්, ඉන් අයකරගත් දඩ මුදල වසරකට රුපියල් බිලියන 2.2 ක් පමණ වූ බවත් ඔහු ප්‍රකාශ කළේය. වත්මන් ප්‍රගතියට ප්‍රධාන වශයෙන් විමර්ශනවල 100 ක වැඩිවීමක් සහ නිලධාරීන්ට ගෙවනු ලබන ත්‍යාගවල සියයට 290 ක වැඩිවීම හේතු වී ඇතැයි ඔහු පැවැසුවේය.
නිලධාරීන්ගේ ත්‍යාග සඳහා ගෙවීම් සැකසීමේ කාලය වසර තුනක සිට මාස එක සිට තුන දක්වා අඩු කර ඇති බවත්, එමඟින් රේගු නිලධාරීන්ට වැරදි හඹා යාම සඳහා ශක්තිමත් දිරිගැන්වීමක් ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. පෙර බදු වැඩි කිරීම් මගින් සමානුපාතික ආදායම් වැඩිවීමක් රේගු දෙපාර්තමේන්තුවට නොලැබුණු බව ප්‍රකාශ කළ ඒ මහතා, නිසි බදු එකතු කිරීමේ සහ භාණ්ඩ වර්ගීකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
නිවැරදි ආනයන තක්සේරු කිරීම් සහ තීරු බදු වර්ගීකරණ සහතික කිරීම රේගු නිලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් වන අතර, මෙම ක්‍රියාවලියේදී ඔවුන්ගේ කාර්යක්ෂමතාව රාජ්‍ය ආදායම් මට්ටම්වලට සෘජුවම බලපාන බව ඔහු පැවැසුවේය. රේගු නිලධාරීන් සම්බන්ධයෙන් කළ ප්‍රතිව්‍යුහගත කිරීම මෙම සන්ධිස්ථාන සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන කාර්යය භාර්යයක් ඉටුකළ බවද නෝනිස් මහතා ප්‍රකාශ කළේය.
ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වූ උසස්වීම් මත රඳා නොසිට, සේවා කාලය වෙනුවට නිපුණතාව මත පදනම් වූ ‘‘නිවැරදි පුද්ගලයා, නියම වේලාවට සහ නියම ස්ථානයේ’ රැඳවීමට රේගු දෙපාර්තමේන්තුව අනුගමනය කළ ප්‍රවේශය දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර තිබෙන බව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවැසුවේය.
ඊට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුගමනය කරමින්, රේගු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විෂමාචාර චෝදනා එල්ල වූ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග කඩිනම් කර ඇති බවත්, ඒ යටතේ මේ වනවිට තනතුර අත්හිටුවීම් විශාල ප්‍රමාණයක් සිදුකර තිබෙන බවත් ඔහු පැවැසුවේය.
බොහෝ විට මිනිසුන් දූෂණයට රේගුවට දොස් පැවරුවත් පසුගිය වසර දෙක තුළ රේගු දෙපාර්තමේන්තුව දූෂණය වැළැක්වීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බවද ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවැසුවේය.
රේගුව අක්‍රියව පවතින එක් දිනක් සඳහා රජයට රුපියල් බිලියන 3 ක පාඩුවක් සිදුවිය හැකි බවත් රේගු දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම දැන් රුපියල් බිලියන 5 ඉක්මවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේය.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රේගුවට මේ වසරේදී ට්‍රිලියන 2.25 ක ආදායම් ඉලක්කයක්