IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රග්බි විනිසුරුවරුන්ගේ සම්මාන උළෙලේ නිල බැංකුකරු NDB

NDB බැංකුව පසුගියදා පැවති ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවරුන්ගේ සංගමයේ (SLSRFR)  සම්මාන උළෙල සහ සුහද හමුව සඳහා නිල බැංකු සහකරු ලෙස එම අවස්ථාවට සම්බන්ධ වීය.SLSRFR එහිදී රග්බි ක්‍රීඩාව වෙනුවෙන් තරඟ විනිසුරුවරුන් විසින් දක්වන අමිල දායකත්වය සහ ඔවුන්ගේ විශිෂ්ටත්වය සම්මානයට පාත්‍ර කිරීම සහ ඔවුන්ගේ එම ජයග්‍රහණ සැමරීම සඳහා මෙම සම්මාන උළෙල සංවිධානය කළේය.

අඛණ්ඩව වසර දෙකක් පුරාවට,NDB බැංකුව නිල බැංකු හවුල්කරු ලෙස SLSRFR සමඟ හවුල්කාරීත්වය දරයි. මෙම හවුල්කාරිත්වය රටේ තාරුණ්‍යය සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ප්‍රගතිය සඳහා බැංකුවේ ඇති දිගුකාලීන කැපවීම ඉස්මතු කරයි. SLSRFR වැනි සංවිධාන වලට සහාය දීමෙන්, NDB බැංකුව බිම් මට්ටමේ සිට ජාතික තලයේ විශිෂ්ටත්වය දක්වා ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අඛණ්ඩව දායක වී ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුව අනාගත පරම්පරාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෝෂණය කිරීමට සහ ක්‍රීඩාශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ගේ ඇති කැපවීම අවධාරණය කරන ලදී.  ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම, ජාතියේ ක්‍රීඩාවේ වර්ධනයට දායක වීමේ තිරසාර දැක්මත් සමඟ සමපාත වේ.

ලංකා රග්බි පාපන්දු සංගමයේ (වර්තමානයේ ශ්‍රී ලංකා රග්බි සංගමය) අනුමැතිය ඇතිව 1953 දී පිහිටුවන ලදSLSRFR  රට පුරා පැවැත්වෙන රග්බි තරඟවල අඛණ්ඩතාව සහතික කිරීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. 1931 දී රත්නපුරයේ පැවති පළමු සත් සාමාජික රග්බි තරඟය දක්වා දිවෙන පොහොසත් ඉතිහාසයක් ඇති මෙම සංගමය වර්තමානයේ ක්‍රීඩා සමාජ හා පාසල් රග්බි තරඟ අධීක්ෂණය කරන විනිසුරුවරුන් 103 දෙනකුගෙන් සමන්විත වන අතර, ඔවුන් ක්‍රීඩා තරඟ වල සධාරණත්වය සහ වෘත්තීයභාවය සහතික කරයි. 

 



අදහස් (0)

රග්බි විනිසුරුවරුන්ගේ සම්මාන උළෙලේ නිල බැංකුකරු NDB

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site