IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නව සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල්

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල් මහතා පසුගියදා වැඩ භාර ගත්තේය.
ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම සිදුකරන ලදී. ආචාර්ය ද මෙල් මහතා 2015 වසරේ සිට රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසත් 2018 වසරේ සිට මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කරයි.
ඔහු ඇමෙරිකාවේ මිසූරි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇත. එසේම ඒ මහතාට ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විද්‍යාවේදී උපාධියක්, ශ්‍රී ලංකාවේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධියක්, ඇමෙරිකාවේ මිසූරි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විද්‍යාපති උපාධියක් සහ සෑම් හියුස්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ විද්‍යාපති උපාධියක් හිමිය. එසේම ඔහුට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් දත්ත විද්‍යාව සහ ව්‍යාපාර විශ්ලේෂණ පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක්ද හිමිය.
ආචාර්ය ද මෙල් මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සනාථන සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත. මීට අමතරව, ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ප්‍රධානියා සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පරිගණක ගණිත අංශයේ ප්‍රධානියා යන තනතුරුද හොබවා තිබේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ මූල්‍ය ගණිතය සහ කාර්මික සංඛ්‍යාලේඛන පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සංවර්ධනය කිරීමේ දී ආචාර්ය ද මෙල් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.



අදහස් (0)

රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ නව සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මෙල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 302 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site