යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සපුගස්කන්දේ පිහිටි සිය ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය නවීනතම සූර්ය පැනල පද්ධතියකින් සවිබල ගන්වා තිබේ. ගෝලීය වශයෙන් පවතින ඔවුන්ගේ සියලුම පහසුකම් සියයට 100ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලට අනුගත කිරීමේ සිය උත්සාහයේ තවත් එක් පියවරක් මෙම ව්‍යාපෘතියෙන් පෙන්නුම් කරනු ලබයි.
මෙම ව්‍යාපෘතියෙන් ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ සූර්ය පැනල 1,672ක් ඒකාබද්ධ කර ඇති අතර ඉන් කිලෝවොට් 970ක් නිෂ්පාදනය කරයි. ඊට සහයක් ලෙස කිලෝවොට් ඇම්පියර් 810ක ඉන්වර්ටරයක් ද යොදා ගනියි. මෙම පද්ධතියෙන් වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 1.25 ක විදුලියක් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර එමගින් මධ්‍යස්ථානවල බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 33ක් සපුරාලනු ඇත. මෙම නවතම ස්ථාපනයත් සමග හොරණ කර්මාන්ත ශාලාව ඇතුළු යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සමස්ත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 4ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය වසර 2050 වන විට පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 75ක් උත්පාදනය කිරීමේ රටේ ඉලක්කයට තවදුරටත් සහාය දක්වයි.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සැපයුම් දාම අධ්‍යක්‍ෂ දමිත් අබේරත්න මහතා මෙසේ පැවසීය. ”යුනිලිවර් ශ්‍රී ලංකා සපුගස්කන්ද මධ්‍යස්ථානයේදී සිදු කළ සූර්ය පැනල ස්ථාපනය, අපගේ තිරසාරභාවයට ප්‍රමුඛස්ථානයක් ලබා දෙනවා. මෙය පරිසරයට අපෙන් සිදුවන බලපෑම අඩු කිරීමට සහ රටේ පුනර්ජනනීය බලශක්ති ඉලක්කවලට සහාය වීම සඳහා අප ගනු ලබන උත්සාහයේ තවත් එක් පියවරක්ය. ශ්‍රී ලංකාවේ තිරසාර අනාගතය ගොඩනැගීම සඳහා පෞද්ගලික අංශය සතු වැදගත් කාර්යභාරය සිහිපත් කිරීමක් ලෙස මෙම ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්.”
2015 වසරේ පැවති කාබන් විමෝචන මට්ටමට සාපේක්ෂව, වසර 2030 වන විට, 1 සහ 2 පරිමාණයේ හරිතාගාර වායු (GHG) විමෝචනය සියයට 100 කින් අඩු කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සතුව අනුමැතිය ලත් විද්‍යාත්මක පදනමක් සහිත ඉලක්කයක් පවතියි. 2039 වන විට සිය වටිනාකම් දාමය පුරා ශූන්‍ය විමෝචනයක් අත්පත් කරගැනීම යුනිලිවර් හි දිගුකාලීන අභිලාෂවලින් එකකි. ප්‍රායෝගික පියවර කෙරෙහි අවධානය යොමු කරමින්, සමාගම විසින් ගෝලීය වශයෙන් අදාළ වන, දේශගුණය පිළිබඳ ක්‍රියාකාරී පුළුල් සැලැස්මක් (CTAP) නිර්මාණය කර ඇති අතර, එමගින් ඉදිරි වසර කිහිපය තුළ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබයි.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුනිලිවර් ශ්‍රී ලංකා සපුගස්කන්ද කර්මාන්ත ශාලාවට සූර්ය පැනල පද්ධතියක්