ශ්රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම වරට පැවැත්වෙන ආකාරයේ වැඩසටහනක් ‘Blog It Symposium 2025’ යුතුව සංවිධානය කරනු ලැබුවේ තවත් කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. පොදු ජනතාවට විවෘතව පැවති මෙම අවස්ථාවට ප්‍රධාන දේශනය පැවැත්වූ අශෝක් ෆෙරී මෙන්ම ලාල් මැද්වත්තෙගෙදර, චිරන්ති රාජපක්ෂ, ධර්ම ශ්‍රී කාරියවසම්, සාවිත්‍රි රුද්‍රිගු සහ මහාචාර්ය කෝපලපිල්ලෙයි අමිර්තලිංගම් ඇතුළු සාහිත්‍ය ලෝකයේ පිරිසක් සහභාගි වූහ.
මෙම සම්භාෂණයට දැනුම බෙදාහදා ගැනීම සහ අනාගත ලේඛක ලේඛිකා පරපුර දිරිගැන්වීම අරමුණු කරගත් සක්‍රිය සංවාද මණ්ඩප සහ විශේෂිත වැඩමුළු ඇතුළු සහභාගිත්ව වැඩසටහන් පෙළක් ඇතුළත්ව තිබිණි. එයට අමතරව, යූනියන් ඇෂුවරන්ස් Blog It 3.0 තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ගේ ජයග්‍රහණ විදහා දැක්වෙන සම්මාන උළෙලකින් වැඩසටහන අවසන් විය.
‘Blog It Symposium 2025’ යනු ජනතාව දැනුවත් කිරීම සහ සිය මූල්‍ය අනාගතය නිවැරදි දෙසට යොමුකර ගැනීම සඳහා සියලු දෙනා සවිබල ගැන්වීම උදෙසා යූනියන් ඇෂුවරන්ස් සතු අඛණ්ඩ කැපවීමෙහි දිගුවක් වන Blog It නමැති පුළුල් වැඩසටහනෙහි එක් පියවරකි. ජීවිත රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය සැමරීම සඳහා ක්ෂේත්‍රයට ප්‍රථම වරට හඳුන්වාදෙන ලද නව වැඩසටහනක් ලෙස 2022 වසරේදී ආරම්භ කරන ලද Blog It වැඩසටහන සැලසුම් කරන ලද්දේ විශේෂයෙන්ම මූල්‍ය අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා ජීවිත රක්ෂණයෙන් ඉටු වන අතිශය වැදගත් කාර්යභාරය ඇතුළුව මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ වැදගත් සංවාද මතුකර ගැනීම සඳහාය. එදා සිට ගත වූ වසර කිහිපය තුළ Blog It වැඩසටහන විශිෂ්ට වර්ධනයක් අත්පත් කරගෙන ඇත්තේ 2022 වසරේ 500කට අධික සහ 2023 වසරේ 900කට අධික මෙන්ම 2024 වසරේ 1,100කට අධික ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් ප්‍රමාණයක් ලබමින්, සහභාගිත්වය අඛණ්ඩව ඉහළ නංවා ගනිමිනි. මෙම ඉහළ යෑම් මඟින් මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව ජනතා අවධානය ඉහළ යෑමක් මෙන්ම වැඩසටහන ඔස්සේ මතු කරන ලද අර්ථවත් සංවාදවල වැදගත්කමද පිළිබිඹු වෙයි.
මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය
ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ
ශ්රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට
කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යූනියන් ඇෂුවරන්ස් ‘Blog It Symposium 2025’ පවත්වයි