IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


යූනියන් ඇෂුවරන්ස් 2024 වසරේ විශිෂ්ටතම බෑන්ක් ඈෂුවරන්ස් ජයග්‍රාහකයන් සමරයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින් යූනියන් බැංකුවේ බෑන්ක් ඇෂුවරන්ස් නාළිකාවේ විශිෂ්ටතම කාර්යසාධනය පළකළ සිය කණ්ඩායමේ කැපීපෙනෙන ජයග්‍රහණ සඳහා ගෞරව ප්‍රණාම පිදීමට මහත් සාඩම්බරයෙන් යුතුව සුවිශේෂ ඇගයුම් උළෙලක් පවත්වනු ලැබීය. එහි තේමාව වූ “විශිෂ්ටත්වයේ ප්‍රතිරාව 2024” (ෑජයදැි දf ෑංජැකකැබජැ 2024) මඟින් අගය කිරීම, අභිප්‍රේරණය සහ සාමූහික සාර්ථකත්වය පාදක කර ගත් වටාපිටාවක් නිර්මාණය කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සතුව ඇති කැපවීම යළි තහවුරු කෙරිණි. මෙම සමාගම බෑන්ක්ඇෂුවරන්ස් නවෝත්පාදන සම්බන්ධයෙන් නිරතුරුව පෙරමුණ ගෙන කටයුතු කරන විට මෙවැනි වැඩසටහන් මගින් විදහා දැක්වෙන්නේ තමන් සමග සේවා කටයුතු කරන පිරිස් සවිබල ගැන්වීම සහ සමාගමේ ගමන්මග සකසන සන්ධිස්ථාන සැමරීම සඳහා එය දක්වන කැපවීමය. 
මෙම සැමරුම් වැඩසටහන සම්මාන උළෙලකින් ඔබ්බට ගිය අතර, එය යූනියන් ඇෂුවරන්ස් සහ යූනියන් බැංකු සහයෝගිතාව අර්ථවත් කරන කැපවීම, ස්ථාවරත්වය සහ විශිෂ්ටත්වය උදෙසා පුදන ලද උපහාරයක්ද විය. මෙම උත්සව අවස්ථාව සැබැවින්ම මතකයේ රැඳෙන්නක් බවට පත්කිරීම සඳහා ඇගයීම, විවේක සුවය සහ වඩාත් සවිමත් වෘත්තීය සබඳතා ගොඩනගා ගැනීමට අවස්ථාව යන බොහෝ දේ පිරිනමමින්, ඉහළම විශිෂ්ටතා පළකළ සැමට පූර්ණ පහසුකම් සහිතව සුවිශේෂ නිවාඩුවක් ගත කිරීමේ වරම් පිරිනැමිණි. 
“යූනියන් ඇෂුවරන්ස් දිගු කලක් පුරා යූනියන් බැංකුව සමග විශිෂ්ටත්වය සපිරි සාඩම්බර සබඳතාවක් පවත්වාගෙන යනවා”, යැයි මේ පිළිබඳව අදහස් දැක්වූ යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා මෙසේද පැවසීය.



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් 2024 වසරේ විශිෂ්ටතම බෑන්ක් ඈෂුවරන්ස් ජයග්‍රාහකයන් සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1246 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site