IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


මේ දවස්වල බිස්නස් ගොඩක් අඩුයි

සිංහල හින්දු අලු‍ත් අවුරුදු සමය යනු බිස්නස් කරන කොයි කාටත් සරු කාලයයි. උත්සව සමය නිමාවෙමින් පවතින මේ දිනවල බිස්නස් කටයුතු පිළිබඳව දැන ගැනීමට අපි නාවල බලා ගියෙමු. නාන කාමර උපාංග සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උපාංග අලෙවිසැලක් වූ මාර්බල් ඩෙකෝ ප්‍රයිවට් ලිමිටඩ් වෙත අපි ගොඩ වූයෙමු. එහි හිමිකරු වූ නිශාන්ත අබේගුණවර්ධන මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසිනි. 

බඩු මිල වැඩි නිසානම් බිස්නස් අඩු වුණා කියන්න බෑ. බඩු මිල අඩුවෙලා තියෙන්නේ. වෙනදට වඩා ගොඩක් අඩුයි. ගිය අවුරුද්දෙ තිබ්බ මිල ගණන්වලට වඩා සියයට 40 කින් වගේ මිල අඩුයි. එච්චර මිල අඩු වුණත් පාරිභෝගිකයෝ එන්නේ නෑ. 
ඒ නිසා අපිට බිස්නස් නෑ.


මාර්බල් ඩෙකෝ ප්‍රයිවට් ලිමිටඩ් හිමිකරු 
නිශාන්ත අබේගුණවර්ධන


 

 

Q: මේ දිනවල බිස්නස් කොහොමද? 

මම අවුරුදු 33ක ඉඳන් බිස්නස් කරන්නේ. සේවකයෝ 10 ක් මා ළඟ සේවය කරනවා. මෙම ආයතනයෙම තවත් ශාඛාවක් නාවල විවෘත විශ්වවිද්‍යාලය අසල තියනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් ගොඩක් අඩුයි. අවුරුදු සමයෙත් වෙනදා වගේ ලොකු බිස්නස් එකක් තිබ්බේ නෑ. මාර්තු දෙවැනි සතියේ ඉඳලා බිස්නස් අඩුවක් තිබ්බා. නැවත අවුරුදු දවස්වල අන්තිම දවස් තුනේවගේ බිස්නස් ටිකක් තිබ්බා. දැන් ආයෙත් අර මාර්තු මාසේ තිබ්බ තත්වෙටම ඇවිල්ලා. පාරිභෝගිකයෝ නැති තරම්.

Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

බිස්නස් අඩුවීමට බලපාන එක හේතුවක් හරියටම කියන්න බෑ. හේතු කීපයක්ම බලපානවා. මේ දිනවල පාරේවත් මිනිස්සු නෑ. ඒ නිසා අපිට පාරිභෝගිකයෝ කොහොමත් අඩුයි. මිනිස්සු තාම අවුරුද්දෙන් පස්සේ හරියට වැඩ පටන්ගෙන නෑ. තව හේතුවක් තමයි මේ තියන තරගකාරිත්වය. අපි මේ බිස්නස් පටන් ගත්ත මුල් කාලේ නාන කාමර උපාංග සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උපාංග අලෙවිසැල් හරිම අඩු ප්‍රමාණයක් තිබ්බේ. දැන් නාවල බලන බලන හැමතැනම මේ වගේ අලෙවිසැල්. ඒ නිසා අපිට තියන තරගකාරිත්වය වැඩියි. පාරිභෝගිකයන්ට ඒක හොඳයි. මොකද එයාලට තෝරා ගැනීමේ අවස්ථාව වැඩි වෙලා තියනවා. පාරිභෝගිකයෝ විසිරිලා යනවා හැම තැනටම. ඒ නිසා බිස්නස් අඩුයි. බඩු මිල වැඩි නිසානම් බිස්නස් අඩු වුණා කියන්න බෑ. බඩු මිල අඩුවෙලා තියෙන්නේ. වෙනදට වඩා ගොඩක් අඩුයි. ගිය අවුරුද්දෙ තිබ්බ මිල ගණන්වලට වඩා සියයට 40 කින් වගේ මිල අඩුයි. එච්චර මිල අඩු වුණත් පාරිභෝගිකයෝ එන්නේ නෑ. ඒ නිසා අපිට බිස්නස් නෑ.

ශෂිකා අබේරත්න
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

මේ දවස්වල බිස්නස් ගොඩක් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 306 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site