
දිනේෂ් සමරකෝන්
මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව ජනවාරි මස 01 වැනිදා සිට ඔක්තෝබර් මස 15 වැනිදා දක්වා සංචාරකයන් 1,801,151ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එලෙස පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යව 396274 කි.
එක්සත් රාජධානියෙන් සංචාරකයන් 167,886ක්, රුසියානු සංචාරකයන් 125,950ක්, ජර්මනියෙන් සංචාරකයන් 111,677ක්, චීනයෙන් 108,040 ක් ආදී වශයෙන් එම කාලයේ සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ.
මීට අමතරව ප්‍රංශයෙන් 90250 ක් ඔස්ට්‍රේලියාවෙන් 81,046 ක් නෙදර්ලන්තයෙන් 53,922 ක් ඇමරිකාවෙන් 50,027 ක් බංග්ලාදේශයෙන් 48,419 ක් ඉතාලියෙන් 39,932 ක් කැනඩාවෙන් 37,606 ස්පාඤ්ඥයෙන් 36,430 ක් වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ ඇත. තවද පෝලන්තයෙන් 36,389 ක් ජපානයෙන් 29,913 ක්, මාලදිවයිනෙන් 29,560 ක් ස්විස්ටර්ලන්තයෙන් 25,861 ක් ඊශ්‍රායලයෙන් 18,927 ක්, පාකිස්තානයෙන් 18,208 ක් සහ මැලේසියාවෙන් 18,108 ක් ආදී වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ තිබේ.
එමෙන්ම අනෙකුත් රටවල් වලින් සංචාරකයන් 276,726ක්ද පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි.
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මේ දක්වා සංචාරකයෝ ලක්ෂ 18කට වඩා ඇවිත්