මහව - සංජීවා කෝට්ටගොඩ
මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දුන් බොට් මාස්ටර් නමැති ස්වයංක්‍රීය උපදේශන මෘදුකාංගය මගින් මහව කොට්ඨාසයේ ජනතාවට නිවසේ සිටම තම අවශ්‍යතා ඉටු කර ගැනීමට අවස්ථාව සලසා ඇතැයි මහව ප්‍රාදේශීය ලේකම් නදුන් රසික සම්පත් මහතා පවසයි.
මේ නිසා කොට්ඨාසයේ ජනතාවට තමන්ට අවශ්‍ය කුමන හෝ අංශයක ලිපි ලේඛන කාර්යාලයට නොපැමිණම සකස්කර ගැනීම සඳහා අවස්ථාව සැලසී ඇත. මෙම මෘදුකාංගය මගින් නිලධාරියා හා සේවා ලාභියා අතර සේවා පහසු කිරීමට උදව් වී ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේය.
වට්ස්ඇප් පරිශීලකයන් කෙටි පණිවිඩයක් මගින් ඉදිරිපත් කරන ගැටලු සහ අවශ්‍යතා ඒ මොහොතේම ඔවුන් වෙත ලබාදීම මෙමගින් සිදුකරනු ලබයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කිසිදු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ක්‍රියාත්මක නොවන බොට් මාස්ටර් ස්වයංක්‍රීය මෘදුකාංගය හඳුන්වා දීම සම්බන්ධයෙන් මහව ප්‍රාදේශීය ලේකම් නදුන් රසික සම්පත් මහතා මෙසේද් කීය.
මෙය කිසිදු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවත් අප මෙම යෙදවුම නිර්මාණය කළේ අපගේ සේවා ලබාගැනීමට කාර්යාලයට පැමිණීමේ අවශ්‍යතාව මඟහරව ගන්නයි. එමගින් ඔවුන්ගේ මුදල් කාලය හා ශ්‍රමය ඉතුරු වෙනවා.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහව ප්‍රා.ලේකම් කාර්යාලයෙන් නිවසේ සිට සේවා ලබාගැනීමේ පහසුකම්