ලංකා ටයිල්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මොහාන් ජෝශප් රත්නායක මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2025 ජනවාරි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ.
සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වූ ගාමිණී ගුණරත්න මහතා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරිම සිදු කළ බව සමාගම පවසයි. වෘත්තියෙන් වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරයකු වන රත්නායක මහතා කොලෝනියල් මෝටර්ස් (සිලෝන්) ලිමිටඩ්හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි. එසේම මීට පෙර ඔහු ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළේය. ඒ මහතා සතුව තේ අපනයනය, තේ වගාව, දුරකතන සන්නිවේදනය සහ මෝටර් රථ කර්මාන්තය තුළත් අත්දැකීම් සහිත බව සඳහන් වෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මොහාන් රත්නායක ලංකා ටයිල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට