මහජන බැංකුවේ People’s Tower ’ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු අතින් විවෘත කෙරුණු අවස්ථාව.
මහජන බැංකුවේ People’s Tower ’ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මාවතේ, අංක 374 දරණ ස්ථානයේදි ඊයේ (07) සුබ මොහොතින් විවෘත කළේය.
පුරා හැට හතර වසරකට අධික කාලයක් මුළුල්ලේ පොදු ජනතාවට මූල්‍ය පහසුකම් පිරිනැමිමෙන් මෙන්ම මෙරට සමාජ, ආර්ථික පුනරුදයට අසමසම දායකත්වයක් දක්වමින් දැයේ උන්නතියට කැපවූ මහජන බැංකුව, මෙම නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම මෙරට බැංකු හා මුල්‍ය ඉතිහාසයේ සුවිශේෂ මං සලකුණක් වනු ඇත. බැංකුවේ මෙන්ම දේශයේ ආර්ථික වර්ධනය මින් මනාව නිරුපණය වන අතර, මහජන බැංකුවෙන් රටට සහ ජනතාවට ලබාදෙන සේවාව මේ තුළින් තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව සැලසේ.
මහජන බැංකුව නව ප්‍රධාන කාර්යාලයට පිවිසීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ සමරු කවරයක් සහ මුද්දරය එළිදැක්වීමද මෙහිදි සිදුකෙරිණි.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහතා ඇතුළු ආයතනික සහ විධායක කළමනාකාරිත්වය, ආරාධිතයින්, ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහජන බැංකුවේ People’s Tower නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල විවෘත වේ