භානුක අමරසිංහ
ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මහාචාර්ය ආනන්ද කිත්සිරි ජයවර්ධන මහතා පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව නොවැම්බර් 14 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා බැංකුවේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ.
සාමාජිකයන් පස් දෙනකුගෙන් යුත් විශේෂිත තේරීම් කමිටුවක් මගින් ලබාදුන් නිර්දේශ අනුව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් අදාළ නව පත් කිරීම සිදු කර තිබේ.
මහාචාර්ය ජයවර්ධන මහතා සතුව බැංකුකරණය, මූල්‍ය, නිෂ්පාදන, රක්ෂණ, අධ්‍යාපනය සහ විද්‍යා හා තාක්ෂණ යන රජයේ ආයතන සහ පෞද්ගලික සමාගම් පාලනය පිළිබඳව අත්දැකීම් පවතින බව සඳහන් වෙයි. එසේම ඒ මහතා වරලත් ඉංජිනේරුවරයකුද වෙයි.
ජයවර්ධන මහතා මීට පෙර කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළේය. එසේම අද වනවිට HNB ඇෂුවරන්ස් පීඑල්සී, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී යන සමාගම්හිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
163
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහාචාර්ය ආනන්ද ජයවර්ධන ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට