(සුජිත් හේවාජූලිගේ)
රටේ සියලු ප්‍රශ්න මතුවී ඇත්තේ මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා යැයි වියත් මග සංවිධානයේ සාමාජිකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් මහත්මිය පැවසුවාය.
යහපාලන ආණ්ඩුව රැකියා දස ලක්ෂයක් බිහි කරනවා යැයි කියමින් බලයට ආවත් පසුගිය මාස තුනේදී පමණක් රටට රැකියා 30,000ක් පමණ අහිමි වී තිබෙන බව කී හේරත් මහත්මිය විදේශ ආයෝජනද දරුණු ලෙස කඩා වැටී ඇතැයි සඳහන් කළාය.
රටේ ආර්ථික අර්බුදය ලෝක තත්ත්වයක් නිසා ඇතිවූවක් යැයි පැවසීම විහිලුවක් බවද ඇය ප්‍රකාශ කළාය.
හේරත් මහත්මිය මේ බව පැවසුවේ කෝට්ටේ පිහිටි වියත් මග කාර්යලයේදී අද (07) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට තිබුණනේ නැව් එන්නැති වරායන් ගුවන් යානා නැති ගුවන්තොටුපල හදන කාලෙදි ඒ සම්බන්ධව නිවැරදි උපදෙස් දෙන්න. එහෙම නැතිනම් හැදුවට පස්සේ වත් බිස්නස් වැඩි කරගන්න උපදෙස් දෙන්න. එයා ලංකා, මිහින් ලංකා ගොඩගන්න උපදෙස් දෙන්න තිබුණනේ.. මේ දැන් තමන්ගේ හෘද සාක්ෂිය විකුණ විකුණ එක එක්කෙනාට කඩේ යන්නේ...
ඔබතුමියගේ කතාව ඉතාම නිවැරදි....... එක අද ජනතාවටත් හොදටම තේරිල තියෙන්නේ. මුදල් ඇමති කියනවා ඩොලරය රුපියල 200 ඉක්මුවත් බයවෙන්න එපා කියල. අගමැති කියනවා රුපියල බාල්දු වෙන්නේ ඩොලරය ශක්තිමත් වෙන නිසා කියල. මෙහෙම රජයක් රටකට අවශ්‍යද ? රටේ සංවර්ධනය නවතුවාම, ගොවියට දෙන සහනාදාර කපල , රටේ වී අතිරික්තය තියෙන නිසා වී ගොවිතැන අඩුකරන්න ඕනේ කියන රජයකින් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද ?