කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී මාසයකට කලින් තිබුණ මෙතෙක් වාර්තා කරන ලද ඉහළම දර්ශකය එනම් සියලු කොටස් මිල ඒකක 23,763 සනිටුහන් කර මාසයකට පසු අද වන විට සියලු කොටස් මිල ඒකක දහසක අගයක් පහත වැටී ඇති බව දැක්වේ. එදිනට සාපේක්ෂව අද වනවිට රුපියල් බිලියන 44 ක මුදලක් වෙළෙදපොළ ප්‍රාග්ධනයෙන් ඉවත්කරගෙන තිබේ. විශේෂයෙන් විදේශ සහභාගීත්වය කැපී පෙනෙන සේ පහත වැටී ඇත. එම ස්වභාවය ඉදිරියේ පවා ක්‍රමයෙන් දේශීය ගනුදෙනු යුහුසුළුවන අතර ක්‍රමයෙන් නැවත පිබිදීමක් කරා සමීප වන බවක් නිරීක්ෂණය කළ හැකිය. ඉදිරි දින කිහිපය තුළ සලකුණු කරන මිල දී ගැනීමේ ප්‍රවණතා අනුව නැවතත් සුපුරුදු රිද්මයට ඇතුළුවනු ඇතැයි විශ්වාස කෙරේ.
අවාසි සහගත දින ගණන පසුකර ඇති අතර පසුගිය දින ගණන තුළ පැවැති දර්ශක බිඳවැටීම් සැලකිය යුතු ප්‍රතිශතයකින් ආවරණය වී තිබේ. ඉකුත් සිකුරාදා ගනුදෙනු අවසන් වන විට උච්ඡාවචන ගණනාවකට පසු කලින් දිනයට සාපේක්ෂව ප්‍රගතියක් සනිටුහන් කරමින් අවසන් වූ බව සඳහන් කළ හැකිය. කෙසේ වෙතත් අලුත් සතියක මිල දී ගැනීමේ අපේක්ෂාව සහිත පිරිස් ගනුදෙනුවලට අවතීරණ වී සිටියේ නැත. ගනුදෙනු ගණන හා හුවමාරු වූ කොටස් ප්‍රමාණය සීමාසහිත තැනකට පත්ව තිබුණි. අද දිනයේ දී ඉසුරුමත් සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් ඇති විය හැකිය. සන්නිවේදන, වානිජ බැංකු හා රක්ෂණ කොටස් සඳහා අවධානයක් එල්ලවීමට ඉඩ තිබේ.
විදේශික ආයෝජන අංශ කොටස් විකිණීමට තීරණය කර තිබිය දී මෙම වර්ධනය වැදගත් සන්ධිස්ථානයක් බව දැක්විය හැකිය. පසුගිය සතියේ අවසන් දින දෙක තුළ විදේශ ආයෝජකයන් රු. මිලියන 217 ක ප්‍රමාණයක් මෙරටින් බැහැර කරගෙන තිබුණි. ඉකුත් සිකුරාදා (දෙසැ.12) රු. මිලියන 118.4 ක කොටස් මිල දී ගෙන තිබුණ අතර විකිණීම් රු. මිලියන 184.3 ක් බව සඳහන්ය.
එදින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,459.28 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 36.85 ක වර්ධනයකි.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාසයකට කලින් අගයට වඩා ඒකක දහසක් පිටුපසින්