IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මලයාසියා - ශ්‍රී ලංකා සංචාරක හවුල්කාරිත්වයක්


ප්‍රේමකීර්ති රණතුංග


ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සංචාරකයන් වැඩි කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩ සටහනක් මැලේසියා  සංචාරක අධිකාරිය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ආරම්භ කරනු ලැබ ඇත. දෙරට  අතර සංචාරකයන්ට විවිධ ආකර්ෂණීය ස්ථාන ප්‍රදර්ශනය කිරීමට දෙරටම උත්සාහ දරමින් සිටී.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවේ මෙම හවුල්කාරීත්වය දෙරටේම සංචාරක කර්මාන්තය වැඩි දියුණු වීම සඳහා වැදගත් වනු ඇති බවය. මේ  වනවිට ශ්‍රී ලංකා පවුලේ නිවාඩු ගත කරන විදේශිකයන්ගේත් සාප්පු සවාරි සඳහා ගමන් කරන සංචාරකයන්ගේත් වැදගත් වෙළෙඳ පොළක් ලෙස ක්‍රමයෙන් මතුවෙමින්  ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ මැලේසියා සංචාරක අධිකාරිය එක්ව සංවිධානය කළ සංචාරකයක් යටතේ ඉකුත්දා එරට සංචාරය කළ මාධ්‍යවේදීන් පිරිසකට මැලේසියාවේ ජනප්‍රිය සංචාරක කලාප ගණනාවක් දැක බලා ගැනීමේ අවස්ථාව හිමි විය. මෙහි දැක්වෙන්නේ එරට  ඉදිකර ඇති සුවිසල් ජල ක්‍රීඩා උද්‍යානයකි. අක්කර 18ක භූමි ප්‍රදේශයක මුහුදු කොල්ලකරුවන්ගේ  වෘත්තාන්තයකට අයත් ඇමසෝනියා නෞකාවේ අනුරුවක් සමග ඉදිකර ඇති මෙම ජල උද්‍යානය කෘත්‍රිම වෙරළකින් යුතු සුන්දර ජලාශයකින්ද යුතුය. ජල ක්‍රීඩා අංග 18ක් එම උද්‍යානයට අයත් වේ.

මැලේසියානු නිලධාරියකු පැවසුවේ ශ්‍රී ලාංකිකයන්ට වීසා රහිතව එරට සංචාරය  කිරීමේ අවස්ථාව උදාකර දීමට හැකිදැයි මේ දිනවල සලකා බලාගෙන යන බවය.

මලක්කා සමුද්‍ර සංධියට මුහුණලා ඇති ඓතිහාසික මලක්කා නගරය, කේබල් කාර් සුපිරි වෙළෙඳසැල් සහ සුඛෝපභෝගී හෝටල්වලින් යුතු ‘‘නේටින් හයිලන්ඩ්’’ සහ ක්වාලාම්පූර් අගනුවර සාප්පු සවාරි සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රියව පවතී. එම ප්‍රදේශවල සංචාරය කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සංචාරකයන් සඳහා ශ්‍රී ලාංකික සංචාරකයන් සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානා දිනපතාම ක්වාලාලම්පූර් අගනුවර බලා පියසර කරන බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.   



අදහස් (0)

මලයාසියා - ශ්‍රී ලංකා සංචාරක හවුල්කාරිත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1950 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1543 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 540 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site