IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


මිරිදිය මාළු රටටම බෙදන වැඩපිළිවෙළකට යා නොහැකිද?

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග 

දහසින් වැව් බැඳි රජරට එකල්හි පටන් කෘෂිකර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයට ද හොඳ තෝතැන්නක්ව පවතී. මත්ස්‍ය අස්වැන්නෙන් ඉපයු ආදායමෙන් ගැමියන් ඔවුනගේ නේක අවශ්‍යතා පිරිමසාලු‍වේය. සැබැවින්ම ඉපැරැණි රජරට ගැමියා වැව කේන්ද්‍ර කරගෙන සිය දිවි පෙවෙත සරිකොට ගත්තෝය. අද ද වැවේ හැදෙන මත්ස්‍ය සම්පත නිවැරැදිව කළමනාකරණය කිරීමට කවර හෝ වගකිවයුත්තකු සිතන්නේ නම් විශේෂයෙන් රජරට මිරිදිය මත්ස්‍ය කර්මාන්තය පිළිබඳව ද නිසි අවධානය යොමු කළ යුතුව ඇත. 

කලාවැව, නුවරවැව, රාජාංගනය, වාහල්කඩ, මහ කණදරාව, මහවිලච්චිය, හුරුළුවැව, පදවිය, අංගමුව, මානක්කට්ටිය ආදි අනුරාධපුරයේ ප්‍රධාන වැව් ආශ්‍රිතව මෙන්ම ගමින් ගම බැදි දෙදහස් පන්සියය ඉක්මවු මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වැව් අමුණු ආශ්‍රිතව රැකියාවේ නියැළෙන ධීවර ප්‍රජාවද දහස් ගණනකි. ඒ මතින් විවිධ සෘජු සහ වක්‍ර ආදායම් මාර්ග පාදා ගත්තවුන්ද බොහෝ වෙති. මෙනයින් රජරට වැව් අමුණු ආශ්‍රිතව දෛනිකව නෙළන මත්ස්‍ය අස්වැන්නෙන් දිවි සරිකරන පිරිස දස දහස් ගණනකි. 

මෙරට වැව්, අමුණු, ඇළ, දොළ, ගංගා, පොකුණු ආදි මිරිදිය ජලාශවල ජීවත් වූ සහ අදටත් ස්වල්ප වශයෙන් හෝ ජීවත් වන මත්ස්‍යන් කිහිපදෙනෙකි. මේ අතරින් රජරට ප්‍රදේශයට ආවේණික වූ මසුන් ලෙස කළු තෙප්පිලියා, ලු‍ලා, ආරා, හිරිකනයා, කොකැස්සා, කොරලියා, කාවයියා, කණයා, වලයා, ආදා, තෙලියා, පෙතියා, හුංගා, අංගුට්ටා, වැලිගොව්වා ආදීන් ප්‍රධාන වශයෙන් සඳහන් කළ හැකිය. දවසේ එක් වේලකට හෝ වැව් මාළු කෑල්ලක් සිය බත් පතට එකදු පහදු කර ගැනීමට ගැමියන් අමත නොකළේය. අද වන විට වැව් ගම්මාන සංස්කෘතියට කණ කොකා හැඬීමත් සමග ධීවර කර්මාන්තයේ ආගමනයට ද එමගින් කර ඇති බලපෑම සැඟවිය නොහැක්කකි. 

1999 වර්ෂයේ දී ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය ස්ථාපිත වන්නේ මිරිදිය මත්ස්‍ය සම්පත නගා සිටුවීමේ ඒකායන අරමුණ පෙරදැරිවය. එම ආයතනය පවසන පරිදි මිරිදිය මත්ස්‍ය සම්පත ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම සනාථ කරවන කරුණු ගණනාවකි. මිරිදිය මත්ස්‍ය වගාව කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ යුත්තේ ඇයි ? ඒ සඳහා ඇති ඉඩ ප්‍රස්ථා කවරේ ද ? යනාදි ගැටලු‍වලට පහත කරුණු මගින් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිව පවතී. එනම්

- දේශීය ඒක පුද්ගල වාර්ෂික මත්ස්‍ය පාරිභෝජනය කිලෝ 15 ක් පමණ වීම
- මන්දපෝෂණය අවම කිරීමට පහසුවෙන් පාරිභෝජනයට ගත හැකි වීම
- මස් වලට වඩා නැවුම් මාළු ආහාරයට ගැනීමට ඇති ඇල්ම ඉහළ ප්‍රතිශතයක පැවතීම
- මුහුදු මාළු මිල අධික වීම සහ සාපේක්ෂව ගුණාත්මක බව අවම වීම
- රට අභ්‍යන්තරයේ ජලජ සම්පත් ඉතා බහුල වීම
- මිරිදිය ජලාශ, වැව්, අමුණු, පොකුණු ආදියෙහි මත්ෂ්‍ය වගාව පහසුවෙන් කළ හැකිවීම
- ගුණාත්මක බවින් වැඩි මිරිදිය මසුන් පහසු මිලට ලබාගත හැකිවීම
- මේද අම්ල මුහුදු මාළුවලට සාපේක්ෂව අවම වීම අදිය ඉන් කිහිපයකි.

මේ වන විට රජරට වැව් මාළු කිලෝවක තොග මිල රුපියල් 400 ත් 450 ත් දක්වා ඉහළ ගොස් ඇත. ඊට සාපේක්ෂව සිල්ලර මිල රුපියල් 360 ක් දක්වා ඉහළ නැග තිබේ. සමහර තැනක මිල රුපියල් 550ත්, 600 ත් අතර පවති. ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් වැව්, අමුණු හා මිරිදිය ජලාශ ආශ්‍රිතව මත්ස්‍ය වගාව ප්‍රවර්ධනය කිරීමේ දී දේශීය මත්ස්‍ය විශේෂවලට සාපේක්ෂව විදේශීය මත්ස්‍ය විශේෂ කෙරෙහි ඉහළ අවධානයක් යොමු කොට ඇති බව පැහැදිලිය. ඔවුනගේ නිගමනවලට අනුව දේශීය මාළු විශේෂවල වර්ධන වේගය අඩුය. මතස්‍යයන් මාංශ භක්ෂකය. ලාබදායි බව ද අඩුය. සාපේක්ෂව විදේශීය මාළු විශේෂවල වර්ධනය ඉක්මනින් සිදුවේ. මේ මත්ස්‍යයන්ට විවිධ ආහාර පුරුදු ද ඇත. ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය පවසන පරිදි විදේශීය මත්ස්‍ය වගාව ලාබදායි බවින් ද ඉහළය. 

මෙම නිගමනවල පිහිටා ඉන්දියාව, චීනය ආදි රටවලින් කා‌ෆ් මාළු විශේෂද, තායිලන්තය, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව ආදි රාජ්‍යවල ජන්ම දායාදය ලත් තිලාපි මත්ෂ්‍ය විශේෂද මෙරට ජලාශ වෙත හඳුන්වාදීම සිදුවිය. ඒ අනුව ඉන්දියානු කාෆ් මාළු විශේෂද ලෙස කැට්ලා, රෝහු, මිරිගාල් ආදීන් ද, චීන කාප් මාළු විශේෂයන් ලෙස තණකොළ කාපයා, රිදී කාපයා, හිස ලොකු කාපයා, සාමාන්‍ය කාපයා මෙරට වැව්, අමුණු හා මිරිදිය ජලාශ වෙත මුදාහැරීම සිදුවිය. නයිල් තිලාපියා, මොසැමිබික් තිලාපියා, රතු තිලාපියා, ගිප්ට් තිලාපියා ආදි විදේශීය තිලාපි මාළු විශේෂයන් ද මෙපරිද්දෙන් මෙරට ජලාශ වෙත මුදාහැරීම සිදුවන්නේ දේශීය මිරිදිය මත්ස්‍ය සම්පත ප්‍රවර්ධනය කෙරෙහි වු අවධානය සහමුලින්ම ඒ වෙත යොමුකරමිනි. 

දේශීය මාළු විශේෂවලට සාපේක්ෂව විදේශීය මාළු විශේෂවල ඇති ප්‍රධානතම දුර්වලතාව ලෙස නැවත බෝ නොවීම සඳහන් කළ හැකිය. වැවට මුදා හරින මත්ස්‍ය පැටවුන් ලොකු මහත් වූ පසු අස්වනු ලෙස නෙළාගත හැක. ඉන් ඔබ්බට ජනනය වීමක් නොඑසේනම් බෝවීමක් නැත. ඒ සඳහා ඇති එකම විකල්පය නම් නැවත නැවත මාළු පැටවුන් ජලාශ වෙත මුදාහැරීමය. එය නොවන කල්හි මාළු හිඟවීම නිරායාසයෙන් සිදුවන්නකි. 

මෙම නුතන ක්‍රියාවලිය හමුවේ සිදුව ඇත්තේ ධීවරයා සංවිධානාත්මක විෂම චක්‍රයකට මැදිවීමකි. එනම් අඛණ්ඩව අභිජනනය කළ මත්ස්‍ය පැටවුන් ජලාශ වෙත මුදාහැරීමේ ක්‍රියාවලියට නතුවීමට සිදුවීමය. එහෙත් නිරායාසයෙන්ම දේශිය මාළු සම්පත බෝ වීම හේතුවෙන් අඩුවකින් තොරවම මසුන් අල්ලා ගැනීමේ ඉඩකඩ ගැමියනට උදාවී තිබිණි. වර්තමානයේ විදේශීය මාළු පැටවුන් මෙරට වැව්, අමුණු තුළ බෝ කිරීම ඇරැඹීමත් සමග එය අඛණ්ඩ ක්‍රියාවලියක් ලෙස පවත්වාගෙන යෑම අනිවාර්ය වී තිබේ. වාර්ෂිකව සිදුකෙරෙන ජලාශ වෙත මත්ස්‍ය පැටවුන් මුදාහැරීමේ වැඩසටහනේ ඇතිවන අක්‍රමවත් බව හේතුවෙන් මත්ස්‍ය අස්වනු හිඟවීම වැළකිය නොහැකිව තිබේ. 

අද තත්වය හාත්පසින්ම වෙනස් වී ඇත්තේ හැමකෙකුම පාහේ බාගෙන කෑමට ඇති වළ ඉහගෙන කෑමට තරම් අකාරුණික වීම හේතුවෙන්ය. තහනම් දැල් ආම්පන්න භාවිතය ප්‍රධාන කොටගත් විවිධ නොපනත්කම්වල නියැලෙන ධීවරයන් සේම හැල්මේ සියල්ලක් ගලායෑමට ඉඩහැර අත පිසදා ගන්නා ඇතැම් නිලධාරීන් ද වග උත්තරකරුවන් කර නිහඬවීමෙන් පමණක් යහපතක් සිදුවේ යැයි සිතිය නොහැකිව පවතී. 

අඟල් තුනහමාරට අඩු දැල් භාවිතය මෙන්ම ධීවරයන් තංගුස් ලෙස හඳුන්වන මොනෝපිලමන්ට් දැල් භාවිතය සේම යාන්ත්‍රික යාත්‍රා භාවිතය ආදි අනවසර ධීවර කටයුතු පිළිබද විමර්ශන හා වැටලීම් සිදුකිරීමේ නීත්‍යනුකූල අයිතිය පැවරී ඇත්තේ ජල ජීවි සංවර්ධන අධිකාරියටය. එසේම නීති විරෝධි ධීවර ආම්පන්න අලෙවි කරන සියලු‍ වෙළෙඳසල් වැටලීමේ අයිතිය ද ඔවුනට පවතී. 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පාර්ලිමේන්තු පනත මගින් මෙන්ම 2006 අංක 22 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ද මේ නීතිමය අයිතිය තහවුරු කොට ඇත. 

ආයතන සහ නිලධාරින් ධීවර ප්‍රජාව සමග සහජීවන පිළිවෙතක පිහිටා කටයුතු නොකිරීම වත්මන් ගැටලු‍ රැසකට පාදකව තිබේ. ධීවර සමුපකාර සමිති සංකල්පය ද අපේක්ෂිත අරමුණු ඉටු කිරීමට සමත් වී නැත. බොහෝ සමිති මේ වන විට කඩාකප්පල් වී ඇත. මෙරට මිරිදිය ධීවර කර්මාන්තය ආශ්‍රිතව පසු අස්වනු තාක්ෂණික වැඩසටහන් ක්‍රියාත්මක වීම ද පසුගාමී තැනකට වැටී තිබේ. එනම් මිරිදිය මසුන්ගෙන් කරවල, උම්බලකඩ, දුම් කරවල ආදිය නිෂ්පාදනය කෙරෙහි ධීවරයන් දිරිගැන්වීම අවිධිමත් තැනකට වැටී ඇත. 

රජරට මිරිදිය ධීවර ජීවිත යළි යථාවත් කරනු සඳහා අවංක වැඩපිළිවෙළක් ඇවැසි බව අවසන මතුකළ හැකිව තිබේ. 



අදහස් (0)

මිරිදිය මාළු රටටම බෙදන වැඩපිළිවෙළකට යා නොහැකිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1245 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site