ඉකුත් වසර හා සැසඳීමේදී මැයි මාසයේ සංචාරක පැමිණීම් සියයට 2.5කින් 121,981ක් දක්වා පහත වැටිණි. මැයි මාසයේදී චීන සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබීම සුවිශේෂී කරුණක් වූ අතර මැයි මස අගදී රාමදාන් උපවාස සමය ආරම්භ වීම නිසා ඉස්ලාමීය රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ අඩුවක් දක්නට ලැබුණු බව ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරයේ දත්තවලට අනුව මේ වසරේ මුල් මාස පහේ සංචාරක පැමිණීම් ඉකුත් වසර හා සැසඳීමේදී සියයට 4.8කින් 887,093ක් දක්වා වර්ධනය වී තිබේ. මැයි මාසයේදී ඉන්දියාවෙන් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 0.3කින් 34,167ක් දක්වා අඩු වී ඇති අතර ඉකුත් වසර හා සැසඳීමේදී නැගෙ නහිර ආසියානුවන්ගේ සියයට 13.2ක වර්ධනයක් පෙන්නුම් කරමින් සංචාරකයන් 31,269ක් දක්වා වැඩි විය.

චීන සංචාරකයන්ගේ පැමිණීම සියයට 15.6ක වර්ධනයක් පෙන්නුම් කළ මැයි මාසයේදී පැමිණි චීන සංචාරකයන්ගේ සංඛ්‍යාව 18,494ක් විය. ජපාන සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ද පෙන්නුම් කළ අතර මැයි මාසයේදී මෙරටටපැමිණි ජපාන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 27.5කින් 2,848ක් දක්වා වැඩිවිය.
කෙසේ නමුත් බටහිර යුරෝපීය රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ අඩුවක් දක්නට ලැබුණු අතර මේ කාලයේදී එය සාමාන්‍ය තත්ත්වයකි. කෙසේ නමුත් මෑතකාලීනව සංචාරක කර්මාන්තයේදී දක්නට ලැබුණු වර්ධනය හමුවේ ඉකුත් වසර හා සැසඳීමේදී බටහිර යුරෝපා කලාපයෙන් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 0.2කින් 26,892ක් දක්වා වර්ධනය විය. විශාලතම බලපෑම වූයේ ජර්මනියෙන් වන අතර පසුගිය වසර හා සැසඳීමේදී ජර්මනියෙන් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 16.3කින් 6,351ක් දක්වා අඩුවිය.
ඒ අතරවාරයේදී එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 1.3කින් 8,520ක් දක්වා වර්ධනය විය. නැගෙනහිර යුරෝපයෙන් මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 9කින් 4,835ක් දක්වා පහත වැටී ඇත. රුසියානු සංචාරක පැමිණීමස් සියයට 29.3කින් පහත වැටී ඇත. පසුගිය වසරට සාපේක්ෂව මැදපෙරදිග සංචාරක පැමිණීම් සියයට 46.1කින් සංචාරකයන් 3,236ක් දක්වා පහත වැටුණු අතර ඇමෙරිකානු සංචාරකයන්ගේ පැමිණීම් සියයට 2.6කින් 6,676ක් දක්වා පහත වැටිණි. කෙසේ නමුත් ඉකුත් මැයි මාසයේදී මෙරට පැමිණි ඕස්ටේ‍්‍රලියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 7.9කින් 4,368ක් දක්වා වර්ධනය විය.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැයි මාසයේ සංචාරක පැමිණීම් පහළ ගිහින්
lalith Wednesday, 14 June 2017 03:27 PM
කවුද කැමති නිවාඩු කාලේ ඩෙංගු හදාගෙන යන්න?