IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට කර්මාන්ත සම්මාන

ඩිවෝල්කා සන්නාමය යටතේ විදුලි නිෂ්පාදන සහ උපාංග නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු වන මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම, අපනයන අංශයේ දායකත්වය ඇගයීම සදහා ඉකුත්දා අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් හි පැවති ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මානයේදී විශේෂ ගෞරවයට පාත්‍ර විය.

දශක තුනකට පෙර පිහිටුවන ලද සමාගමට දැන් ඉන්දියාවේ විදුලි නිෂ්පාදන කර්මාන්තශාලාවක්ද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවට නැවත   විදේශ විනිමය ගෙන ඒම සඳහා මහා පරිමාණ විදුලි හා ඉලෙක්ට්‍රොනික සහ ඒ ආශ්‍රිත කාර්මික අංශයේ උත්සාහය වෙනුවෙන් කුසලතා සම්මානයක්ද පිරිනැමිණි.

 I S O &C E  සහතික ලත් සමාගමක් වන මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට හොඳම ‘වසරේ කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳ නාමය’ ඇතුළු සම්මානද හිමිව තිබේ. සන්නාම විශිෂ්ටතා උත්සවයේදී මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සභාපති ධම්මිකා සමරවික්‍රම මහතා සහ උප සභාපති කුමාරි සමරවික්‍රම මහත්මිය එහි ප්‍රධාන ප්‍රධාන ආරාධිතයාවූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති  සුනිල් හඳුන්නෙත්ති මහතා අතින් සම්මානය ලබා ගන්නා අයුරුයි. 

අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන  මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු  පිරිසක්ද මෙහි වෙති.



අදහස් (0)

මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නැෂනල් සමාගමට කර්මාන්ත සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site