IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය


නිමල කොඩිතුවක්කු


මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

2011 වසරේදී කෙයාන් ලංකා (පෞද්ගලික) සමාගම විසින් සිදු කරන ලද ගවේෂණ හා කැණීම් වලට අනුව, මන්නාරම් ද්‍රෝණියේ ඵ2 ගවේෂණ බිම් කොටසින් ස්වභාවික වායු නිධි 2 ක් සොයා ගෙන ඇති අතර, එමඟින් මන්නාරම් ද්‍රෝණියේ ශක්‍ය හයිඩ්‍රොකාබන් පද්ධතියක් පවතින බව සනාථ වී තිබේ.

2021 අංක 21 දරන ඛනිජතෙල් සම්පත් පනතේ විධිවිධාන අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සහ රෙගුලාසි මඟින් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව අක්වෙරළ ඛනිජ තෙල් හා ස්වභාවික වායු ගවේෂණ බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රී ලංකා ඛනිජතෙල් සංර්වධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.

ඒ අනුව, මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් 4 හි ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සඳහා බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමට, එම කාර්යය සඳහා ඵලදායී අලෙවිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු අලෙවි කරණ උපදේශකයකුගේ සේවය ලබා ගැනීමටත් බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. 



අදහස් (1)

මන්නාරමේ ඛනිජතෙල් ගවේෂණයට ආයෝජන යෝජනා කැඳවීමට අනුමැතිය

ගුණරත්න Friday, 09 May 2025 10:24 PM

මන්නාරන් ඛනිජ තෙල් කියනකොට අපිට හිනායනවා. ඒ මොකක්වත් නිසා නොවෙයි ඔතැන ඔය කියන තරම් තෙල් තියෙනවා නම් ලෝකේ ලොකුම තෙල් සමාගම් පොර කකා ඕකෙන් තෙල් අදින්න එනවා. ඒත් එකෙක්වත් ආවේ නැත්තේ ඇයි...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site